මහනුවර කටුකැලේ ජුම්මා මස්ජිද් පල්ලි අරාබි පාසලේ අභිධර්මය සහිත බුදු දහම ඉගැන්වීම අරඹයි…

ජාතික හා ආගමික සහජිවනය යථාර්ථයක් බවට පත්කරමින් ත්‍රිපිටකය හා අභිධර්මය මුලීක කරගනිමින් විෂයක් ලෙස බෞද්ධාගම මහනුවර කටුකැලේ ජුම්මා මස්ජිද් ඉස්ලාම් දේවස්ථානයට අයත් අරාබි පාසලේ අධ්‍යාපනය ලබන සියලුම සිසුන්ට ඉගැන්වීමට එහි පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.

අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීමට ජුම්මා මස්ජිදයේ ආරාධනාවකට අනුව උඩරට අමරපුර නිකායේ අනුනායක පූජ්‍ය කොනකලගල උදිත නාහිමි ඇතුළු හැට නමකින් යුත් භික්ෂූන් වහන්සේ කණ්ඩායමක් අද( 19) ඉස්ලාම් දේවස්ථානයට වැඩම කළහ.

ත්‍රිපිටකයේ සහ ශුද්ධවූ කුරාණයේ ඇති සමානාත්මක ඉගැන්වීම පිළිබඳව මෙන්ම ඉස්ලාම් ආගම හා බුදු දහම අතර පවතින සමානතා පිළිබඳවද මෙහිදී මවුලවී තුමන්ලා විසින් මහා සංඝරත්නය දැනුවත් කරනු ලැබූහ.

ශුද්ධ වූ කුරාණයේ සිංහල පිටපත් මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණි.


බෞද්ධාගමික සිද්ධස්ථාන වල ආගමික කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් දැකබලා දැනුවත් වීම සඳහා ඉස්ලාම් මවුලවි තුමන්ලාට සහ සිසුන්ට ඉදිරියේදී ආරාධනාවක් සිදු කරන බව කොනකලගල උදිත අනුනාහිමියෝ කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙදින ජුම්මා මස්ජිද් ඉස්ලාම් දේවස්ථානයේ සියලුම ආගමික වතාවත් සිංහල භාෂාවෙන් සිදු කිරීම ද විශේෂත්වයකි.

Exit mobile version