fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!

1 මාසයක් ago
in පුවත්
511 5
0
Share on FacebookShare on Twitter

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්,  ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් මේ වනවිට  අධිකරණයේ විභාග වෙමින් ඇති  නඩුවේ  අධිකරණ කටයුතුවලට ඇඟිලි ගැසීමක් සිදුකිරීමට උත්සාහ කළේ ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය  අගවිනිසුරුවරයාගෙන් සහ නීතිපතිවරයාගෙන්  ඉල්ලා ඇත.

විරෝධතාකරුවන්ට පහර දිමේ සිද්ධියට අදාල නඩු සම්බන්ධයෙන්    අධිකරණයේ කටයුතුවලට මැදිහත් වීමට ජගත් අයිවිස් උත්සාහ කළ බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් නීතිඥ සංගමය දීර්ඝ ප්‍රශ්නකිරීමක් සහිතව මෙම ලිපි අගවිනිසුරුවරයා වෙත සහ නීතිපතිවරයාට යොමු කර තිබේ.

මැයි 09 වැනි දින ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රචණ්ඩත්වයට පහළ අධිකරණ විනිසුරුවරුන් වගකිව යුතු බවට එම නිලධාරියා චෝදනා කර ඇති බව එම ලිපිවල සඳහන් වේ.

ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් විනිසුරුවරුන්ට සහ නීති වෘත්තියේ සාමාජිකයින්ට අසත්‍ය චෝදනා කරමින් අධිකරණය සහ නීතිඥ මණ්ඩලය අපකීර්තියට පත් කිරීමට   ඇතැම් පාර්ශ්වයන්  ඒකාබද්ධ උත්සාහයක නිරතවන බව  ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ලිපියේ සඳහන් කර ඇත.

ඇතැම් අවස්ථාවල දී අධිකරණ නිලධාරීන් විසින් කරන ලද නියෝගවලට අවනත නොවන මට්ටමට මෙම තත්වය වර්ධනය වී  ඇති බව ද නීතිඥ සංගමය පෙන්වා දෙයි.

එම සංගමය පෙන්වා දෙන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා එවැනි     ලිපියක් අගවිනිසුරුවරයාට සහ නීතිපතිවරයාට සත්‍ය වශයෙන්ම යවා තිබේ නම් එයත් අධිකරණය අපකීර්තියට පත් කිරීමට දරන උත්සාහයේ කොටසක් විය හැකි බවය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ සාධාරණ සහ නිදහස් සමාජයක් සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය බැවින් යුක්තිය පසිඳලීමට නීතිවිරෝධී ලෙස මැදිහත් වීමට දරන ඕනෑම උත්සාහයක්  සම්බන්ධවම  ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස සංවේදී බව ද එහි දක්වා තිබේ.

අධිකරණයට ඇඟිලි ගැසීමක් ලෙස සැලකෙන ඕනෑම උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස යුක්තිය පසිඳලීම පිළිබඳ  මහජන විශ්වාසය නැති වී යා හැකි  බව නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

“ඉහත සඳහන් තත්ත්වයන් තුළ එවැනි ලිපියක් ලැබී තිබේද යන්න පිළිබඳව අගවිනිසුරුවරයාගෙන් සහ නීතිපතිවරයාගෙන් අපි ගෞරවයෙන් පැහැදිලි කිරීම් ඉල්ලා  සිටිමු.“ ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි. මේ සම්බන්ධයෙන් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්වත් කරන ලෙස ද එම සංගමය ඉල්ලා සිටී.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

“බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!

Next Post

ඉන්ධන පෝලිමේ සිට අලුයම ගෙදර යන්න ගිය  සූරියවැව කෘෂි පර්යේෂණ නිලධාරියා වනඅලි ප්‍රහාරයකින් මරුට…

Related Posts

AIRPORT

තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…

ජූනි 28, 2022

නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…

ජූනි 27, 2022

හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…

ජූනි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…
  • තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…
  • නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…
  • හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…
  • ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!

ජනප්‍රිය පුවත්

  • Parliment

    රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්නගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය මුල්කොට අත්අඩංගුවට ගත් මහාචාර්ය ධම්මදින්න හිමියෝ ඇප මත නිදහස් වෙති…

    223 shares
    Share 89 Tweet 56
  • තෙල් එපා… යාපනයේ අස්ස කෝච්චිය යළි ඇරඹෙයි… .

    219 shares
    Share 88 Tweet 55
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

    172 shares
    Share 69 Tweet 43
  • “ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

    206 shares
    Share 82 Tweet 52

Highlights

හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…

ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!

රුසියානු තානාපති ජනපති හමුවෙයි ….

රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

“ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

colum

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

by editor
ජූනි 28, 2022
0

දැන් මොකක් නැතත් අපට ක්‍රිකට් ඇත....

AIRPORT

තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…

by editor
ජූනි 28, 2022
0

කීර්ති ප්‍රනාන්දු - ශ්‍රී ලංකාවේ ඉන්ධන...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist