බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරා දැමූ  සගයා රොෂාන් පුෂ්පකුමාර ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ තැබූ සටහන!

by editor
පෙබරවාරි 26, 2024
in පුවත්
Upul-Rohana

Upul-Rohana

Share on FacebookShare on Twitter

ශ්‍රීයානි විජේසිංහ –

රස්සාව හරියටම කරන්නට යෑමත් මරණීය කාරණාවකි.  අප,  රස්සාව හරියට කරන්න ගොස් ඝාතනය වූ  උතුම් මිනිසුන්ගේ මතකයන්ගෙන් පිරුණු   කාලකණ්නි ඉතිහාසයක් සහිත මිනිසුන්ය.  රටේ ඖෂධ ප්‍රතිපත්තිය හැදූ මහාචාර්ය සේනක බිබිලේ ඝාතනය වීම අප මෑත කාලයේ දී කම්පනය කළ දැවැන්තම සිදුවීමය.  එතැන් සිට ලොකු කුඩා මිනිස්සු කොපමණ සංඛ්‍යාවක් අවංකව රාජකාරි කරන්නට ගොස් මිය ගියාදැයි අපට සංඛ්‍යාලේඛණ නැත. බහුජාතික සමාගමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ගිය රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න ඝාතනය වූයේය.  හරියට නඩු අසන්නට ගිය සරත් අඹේපිටිය මහාධිකරණ විනිසුරුවරයා ඝාතනය වූයේය. හරියට විගණනය කරන්නට ගිය රජයේ විගණන අධිකාරී    ලලිත් අඹන්වල ඇසිඩ් ගැසීමෙන් පසු අන්ත දුක් විඳ මිය ගියේයය. සමහර උන් ජිවිතය බේරාගෙන රටින් පැන ගියහ.

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලියු.ඩී.රොෂාන් පුෂ්පකුමාරගේ ඝාතනයත් එවැන්නක් දැයි සිතෙන ලෙස මේ වනවිට කරුණු ගොනු වෙමින් ඇත. ඇහෙන ඇහෙන තැන කියැවෙන්නේ  මෙම නිලධාරියාගේ යුක්තිසහගත රාජකාරි ප්‍රවේශයේ වැනුම්ය.

ඔහුගේ සමීපම වෘත්තීය සගයන් අතර ප්‍රමුඛයා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණය.

උපුල් රෝහණ සිය ඝාතනය වූ සගයා සම්බන්ධව සංවේදී සටහනක් තබන්නේය. ඒ සටහන මෙසේ උපුටා දක්වමු.

අද හිමිදිරියේම හිතවතෙකුගෙන් ලැබුණු දුරකතන ඇමතුමකින් මගේ හදවත මොහොතක් නතර වූවාසේ මට හැඟුණි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

” මොකක්ද කීවේ”

මා එය නැවතත් ඇහුවේ මට අදහාගත නොහැකි වූ නිසාය. “ගෙදරටම ඇවිල්ලා රොෂාන්ට වෙඩි තියලා. එතනමයි.  ambulance එකකටවත් දාගන්න වෙලාවක් තිබිලා නැහැ”

රොෂාන් කුමාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  මිනිසත්කම හඳුනන හොඳ මිනිසෙකි. ආගම දහමට ලැදි නිර්මාංශ ජීවිතයක් ගත කරන එවැනි පුද්ගලයෙකුටවෙඩි තබා ඝාතනය කිරීමේ වුවමනාවක් ඇත්තේ කාටද යන්න උභතෝකෝටික පැනයක් මට පැන නැගුණි .

නමුත් ඔහු සිය රාජකාරිය දේවකාරිය මෙන් අකුරටම කළ රාජ්‍ය නිලධාරියෙකි. මහජන සෞඛ්‍ය වෙනුවෙන් සෑම විටම ඉදිරියටම විත් හඬ අවදි කළ නිලධාරියෙකි. ජනතාවට වස විස කෑමට දිය නොහැකි බව පවසමින් ආහාරපාන පරීක්ෂා කිරීමට  අවශ්‍ය රසායනාගාර පහසුකම් ප්‍රමාණවත් නොමැති බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ නිරන්තරයෙන්ම ඝට්ටන ඇතිකර ගනිමින් එම ඉල්ලීම් ජනතාවට දිනා දීමට උත්සහ කළ නිලධාරියෙකි

ඔහු නඩු කටයුතුවලට සම්බන්ධ පුද්ගලයෙක් බැවින් ඔහුට යම් යම් බලපෑම් ඇති නොවූ බවට විශ්වාස කළ නොහැකිය.

කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරීක්ෂකවරයා ලෙසත් දකුණු පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විභාග වෙමින් පවතිනනඩු මෙහෙයවන නිලධාරියා ලෙසත් මොහු මිය යන විට සේවය කළේය.

ඔහුගේ කුඩා පුතු අද හා පුරා කියා පාසල් යන දවසය.

පුතුව පාසල වෙත රැගෙන යාමට කඩිමුඩියේ ඔහුත්  ගුරුවරියක් වන ඔහුගේ බිරිඳත් සූදානම් වෙමින් සිටින අතරතුර ගෙදරට පැමිණි නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව රොෂාන්  මිය ගියේය.

ගියේ අපට දහසකුත් ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට දැන් සිදුව තිබේ . මෙහි ඝාතකයා කවුරුන්ද?, ඝාතනය කළේ කුමක් අරභයාද?, කාගේ වුවමනාවටද?,

හෙට දිනයේදී සමාජයේ පිළිතුරු සෙවීමට මෙවැනි ගැටලු රැසක් ඉතිරි වී ඇත

-උපුල් රෝහණ තැබූ සටහනකි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස්පතිකමට වෙන කෙනෙක් හිටියෙම නැද්ද?… හෙට සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ දී  ඇරඹෙන පෙත්සම් විභාගයෙන් පස්සෙ කතා කරමු… සිරිල් ගාමිණී පියතුමෝ කියති..

Next Post

ව්‍යවස්ථාදායක සභාව පොලිස්පති පත්කිරීම අනුමත කළේ නෑ… කථානායකවරයා ව්‍යවස්ථාව කඩ කර ගේමක් ගැසූ අයුරු සජිත් හෙළි කරයි…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.