අරගලයේ ක්රියාකාරීන්ට එරෙහි මර්දනය වහා නතර කරන ලෙස රජයට බලකරමින් ගාලුමුවදොර විරෝධතාකරුවෝ අද (06) නුගේගොඩදී විරෝධතා රැළියක් පැවැත්වූහ.
ප්රධාන රැස්වීම අද සවස නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
මර්ධනයට එරෙහි දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවල එකතුවකින් අද මෙම විරෝධතා රැළිය සංවිධානය කර තිබුණි.