සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 161 වාර්තා කළේය.
ඊට පුරුෂයින් 83ක් සහ කාන්තාවන් 78ක් ඇතුළත්ය.
වයස අවුරුදු 60 වැඩි පුද්ගලයෝ 122ක් ඒ අතර වෙති.
වයස අවුරුදු 30 අඩු කාන්තා මරණයක් ද ඒ අතර වාර්තා වේ.
මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ප්‍රමාණය 6090කි.