සමන් මල්ලවආරච්චි –
ඒ අසරණයින් 06ක් දියේ ගිලී මිය ගොස්ය. දැන් කින්යාව නොසන්සුන්ය.
පාලම කැඩී ගොස්ය. විකල්පය මාර්ගයක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සකසා දුන්නේ නැත. මිනිස්සු පුද්ගලික ව්‍යාපාරිකයෙකුට දෛනිකව මුදල් ගෙවමින් ත්‍රිකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුව තරණය කර පාලම් පාරුවකින් පාසලට, රැකියාවට ගිය මරණීය ගමනේ ස්වරූපය ජීවිත 06කින් ප්‍රකාශයට පත් කර ඇත.
සාමාන්‍යයෙන් මේ ෆෙරියේ 40 දෙනෙක් ගමන් කරන බව කියැවිනි. එහෙත් අද උදේ මේ මරණීය ගමනට එක් වී ඇත්තේ 24ක් පමණක් බව ආරක්ෂක අංශ අනාවරණය කළේය. දැන් ගලවා ගැනීමේ මෙහෙයුම නවත්වා දමා ඇත.
මිය ගිය අය අතර පාසල් දරුවන් තිදෙනෙකි. වසර තුන හමාරක බිළිඳෙකි. තරුණ ගුරුවරියකි. තවත් වැඩිහිටියෙකි. 14 දෙනෙක් කින්යා රෝහලේ ප්‍රතිකාර ලබමිනි. අසාධ්‍ය තත්වයේ සිටි 2ක් ත්‍රීකුණාමලය සහ කිළිනොච්චි රෝහල්වලට ඇතුළුකර ඇත.
මේ පිළිබිඹු වන්නේ සමාජ ජීවිතයේ විෂමතාවය පිළිබඳ ඇඟ කිළිපොලා යන නිරුවතය. කින්යා මිනිස්සු උද්ඝෝෂණය කර ස්වකීය වේදනාව පිට කරනු ඇත.
එහෙත් ඒ ජීවිත ප්රශ්නය එසේමය. ඒ මේ රටේ හැටිය.