මරණ වළක්වා ගන්න අපහසු වේවි… අසාධ්‍ය රෝගීන් නිවෙස්වල… PHI ලා කියති…

අසාධ්‍ය තත්වයට පත්ව සිටින කොවිඩ් රෝගීන් සැලකිය යුතු සංඛ්‍යාවක් රෝහල් ගත කිරිමට නොහැකිව සිය නිවෙස්වල රදවා තබා ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

ඇතැම් රෝගීන්ව රෝහල්වෙත රැගෙන ඒමට ගිලන්රථ පහසුකම් හෝ නොමැති බව සංගමයේ සභාපති උපුල්රෝහණ  පෙන්වාදේ.

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉදිරි දිනයන් හීදී තවදුරටත් ඉහළ යා හැකි වන ඇති බැවින් හැකිපමණ සංචරන සීමාවන් පැනවීම හෝ රට වසා තැබීමට කටයුතු කරන්නැයි ද ඔහු සෞඛ්‍ය අංශයවලින් ඉල්ලා සිටියි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට ලොක්ඩවුන් කිරිම හා සංචරණ සීමාවන් පැනවීම සම්බන්ධයෙන් ඇතැම් ප්‍රදේශවල නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය විරෝධය පල කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් මෙවන් පසුබිමක් ඉදිරියටද පැවතියහොත් කොවිඩ් මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යාම වළක්වා ගත නොහැකි වනු ඇතැයිද උපුල් රෝහණ මහතා අවදාරණය කරයි.

 

Exit mobile version