බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණය මුදා හැර ජීවත් වීම හෝ මිය යෑම තෝරා ගැනීමට බලකිරීම 

by editor
අප්‍රේල් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

සිංහල අවුරුද්ද එන්නේ සැලසුම් කළ මාරක සමගිනි. දෙවසරකට වරක් එහි ප්‍රතිඵල නිකුත් වෙමින් ඇත.

 අප්‍රේල් කළු කළ එකිනෙකට වෙනස් සිද්ධි තුනක් –

මීතොටමුල්ලේ මිනිස්සු තම නිවාස අභියසට කුණු දැමීමට එරෙහිව උද්ඝෝෂණ කළහ. නඩු දැමූහ. අරගල කළහ. ආණ්ඩුව ඒ සියල්ල මර්ධනය කරමින් බලහත්කාරයෙන් මීතොටමුල්ලට කුණු පිරෙව්වේය. ප්‍රතිඵලය ලෙස 2017.04.14 කුණු කන්ද නායෙ ගියේය. අසරණයෝ 60ට අධික පිරිසක් ඒ කුණු කන්දට යටවී ජීවිතයෙන් වන්දි ගෙවූහ. තවත් තිහක් පමණ සොයාගත නොහැකිව ඒ කුණු කන්ද යට අදටත් වැළලී සිටිති.

මිනී මරු ස්වයං ඝාතකයන් පිරිසක් පාස්කු දින ප්‍රහාරයක් එල්ල කරන බවට 73 වරක් බුද්ධි තොරතුරු ලැබී තිබිණි. ඒ අනතුර එවකට ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද දැනගෙන සිටියේය. රටේ අර්බුදය ස්වකීය වාසියට හරවා ගැනීම පිණිස සියල්ලෝ නරඹන්නන් වී සිදුවීම බලාගෙන සිටියහ. 2019 අප්‍රේල් 21 ඒ තිරශ්චීන ප්‍රහාරය එල්ල විය. අනතුරුව සිදුවූ සමාජ දේශපාලනික පෙරළියට පදනම ඒ මළ මිනී හා රුධිරය විසින් සැකසුනේය.

අසල්වැසි ඉන්දියාව මළ ගෙයක් වුණේය. සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම බිඳ වැටිණි. රට පුරා ඔක්සිජන් හිඟයක් පැන නැගී ඔක්සිජන් පොදක් නැතිව මිනිස්සු මැරී වැටෙමින් සිටියහ. ඒ කොවිඩ්   රැල්ල නිර්මාණය වන්නේ ඉන්දියානු බලධාරීන් විසින් ඉඩහළ කුම්භමේලා ඇතුළු සැණකෙළි ප්‍රවේශයන් සඳහා ඉඩ ලබාදීමේ ප්‍රතිඵල වශයෙන් බව ලෝක සෞඛ්‍ය විශේෂඥයෝ කීහ. මාරාන්තික නිවුමෝනියා තත්වයකට කෙළින්ම ඇද දමන බරපතල කොවිඩ් ප්‍රභේදයක් අපේ රට තුළ ඇති බව තහවුරු වෙද්දී, රට තුළ පවතින තත්වය බරපතල බව සෞඛ්‍ය අංශ යළි යළිත් අනතුරු හඟවද්දී,  අසල්වැසියාගේ එළිපත්ත මත මිනිස්සු මැරි මැරී වැටෙනු පෙනෙද්දී, සිංහල අවුරුද්ද සමයේ  හා  මේ ගතවන දීර්ඝ සති අන්තය තුළදීවත් රටේ සංචරණ සීමා පනවන ලෙස සෞඛ්‍ය අංශ කළ ඉල්ලීම  පාලකයෝ ප්‍රතික්ෂේප කළහ. එසේ සිදුවන්නේ  කොවිඩ් වෛරසයෙන් ආරක්‍ෂාවීම සඳහා ලබන මැයි මස 31 වනදා දක්වා ක්‍රියාකළයුතු ආකාරය ඇතුළත් සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවක්  ආණ්ඩුවේම කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබිය දීය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Nuwaraeliya
අදත් පැවැත්වෙන නුවරඑළියේ වසන්ත සැණකෙළි…

මේ වනවිටත් නුවරඑළියේ වසන්ත සැණකෙළියකි. කතරගම පුද බිම දෙවියන්ගේ පිහිට අපේක්ෂාවෙන් පිරුණු විචාරයක් නැති මිනිසුන්ගෙන් පිරී ගොස්ය.   ප්‍රතිඵල තැපෑලෙන් ලැබීමට නියමිතය. රටේ අර්බුදය කොවිඩ්වල දවටා සඟවන්නට යෑම දේශපාලන සැලසුමක් නම් ඒ තරම් මරි මොඩ් දුර්දාන්ත පාදඩකමක් ශිෂ්ටාචාරවත් සමාජයක පැවතිය නොහැකිය. වසංගත අප බලාපොරොත්තුවන ආකාරයට හැසිරෙන්නේ නැත. හසුරුවා ගන්නටත් පුලුවන්කමක් නැත.

සිද්ධි තුන එකිනෙකට වෙනස්ය. එහෙත් එහි මූලික සත්‍ය එකකි. ඔවුන්ට මිනිස් ජීවිත පොල්කුඩුය.   මරණය සමග දේශපාලන සූදු කෙළීමේ බිහිසුණුකම යළි යළිත් ඔප්පු වෙමින් තිබේ. අප ඒ සූදුව නැවැත්වීමට පුරවැසියන් ලෙස කටයුතු කර නැත.   ඔවුන් ඒ සූදුව අත් හැර නැත.

නව කොවිඩ් ප්‍රභේදය

මේ වනවිට අයි.ඩී.එච්. රෝහල ආසාදිතයන්ගෙන් පිරී ඇති ආකාරය සෞඛ්‍ය අංශ වාර්තා කරයි. කොළඹ ජාතික රෝහලෙන් හමුවන ආසාදිතයන්ව හෝ අයි.ඩී.එච් රෝහළට ඇතුළත් කිරීමට දින දෙකක් පුරා නොහැකි වී තිබේ.

වෛරසය  ආසාදනයවන පිරිස ක්‍රමයෙන් වැඩිවන බවත් අතරමැදි මධ්‍යස්ථානවලට වඩා සෘජුවම රෝහල්වෙත ඇතුළත් කරන රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත්  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියාද වන යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ මාධ්‍යයට පැවසුවේය. ජනරාල්වරයා මේ කියන්නේ නව කොවඩ් ප්‍රභේදයේ මූලිකම ප්‍රකාශිත ප්‍රතිඵලයය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන කොරෝනා නව වෛරස් ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයින්ගේ පෙනහළුවලට වැඩි බලපෑමක් ඇතිකර නිවුමෝනියා තත්වයන් ඇතිකරන බව වෛද්‍ය විශේෂඥවරු පෙන්වා දුන්හ.  එහිදී ආසාදිතයෙකු රෝහලට පැමිණීම ප්‍රමාදවීමම, එම රෝගියාගේ ජීවිතය අනතුරේ හෙලීමක් විය හැකි බවටයි වෛද්‍ය විශේෂඥවරු අනතුරු හැඟවූහ.

ස්නායු වෛද්‍ය විශේෂඥ පද්මා එස් ගුණරත්න පවසන ආකාරයට මීට පෙර පැවැති වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන්ගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ සියයට 20 ක් පමණකි. ඔවුන් අතරින් දැඩි සත්කාර ඒකකවලට යොමු කර තිබුණේ සියයට 5 ක පමණකි.    ඒ අනුව ඔක්සිජන් සැපයීමේ අවශ්‍යතාව පැවතුනේ අවම මට්ටමකය..

ඉන්දියාවේ පණ අදින රෝගීන්ගේ ඥාතීන් ඔක්සිජන් පෝලිම්වල

තේරුම්ගත යුත්තේ මෙයය. දැන් ව්‍යාප්ත වන වෛරසය ආසාදනයවන පුද්ගලයින්ට ඔක්සිජන් සැපයීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වී ඇත. එම වෛරස් ප්‍රභේදය තරුණ පිරිසට ආසාදනය වීමේ ඉහළ සම්භාවිතාවක් ඇත. ඉන්දියාවේ ලියැවී රඟ දැක්වෙන මාරක පිටපතම මේ රට තුළත් සජීවී වීමට නියමිත බව අප කියන්නේ ඒ නිසාය.

මීට පෙර පැවැති වෛරස් ප්‍රභේදය එක් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට හෝ දෙදෙනෙකුට පමණක් සම්ප්‍රේෂණය වීම සිදු විය. එහෙත්, මේ වනවිට ව්‍යාප්තවන ප්‍රභේදය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයින් 05 දෙනෙකුට පමණ සම්ප්‍රේෂණය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවත්,  එය අවම තත්ත්වයවන අතර ඊට වඩා වැඩි පිරිසකට වුවද, වෛරසය සම්ප්‍රේෂණය වීමට හැකි බවත්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ කීවාය.

ඇයට අනුව මෙම වෛරස් ප්‍රභේදය වාතය තුළ පැය එකහමාරක් වැනි කාලයක් සජීවීව පැවැතිය හැකිය.

තේරුම්ගත යුත්තේ  අප සැණකෙළි කෙළින්නේ  මරණය සමග බවය.  වගකීම අප මත පවරා බලධාරීන් මේ මරණයට ඉඩ හැර ඇති බවය.

ඉන්දියාව කොවිඩ් මළ ගෙයක් කළ කුම්භමේලා සැණකෙළිය…

අයි.සී.යූ. ඇත්ත…

කවුරුත් හෙළි නොකරන බිහිසුණු ඇත්තක් තිබේ. මේ රටේ දැඩි සත්කාර ඇඳන් සිය ගණනක් තිබෙන්නට පුලුවන. එහෙත් කොවිඩ් වැනි විශේෂිත වසංගත තත්වයන් යටතේ ප්‍රායෝගිකව භාවිත කළ හැකි නිශ්ඡිත දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණයක් තිබේ. ඒ ඇඳන් විශේෂිතව පවතින්නේ කොවිඩ් සඳහාම වෙන් කරන ලද රෝහල් තුළය.

ඔබ මේ මාරක ඇත්ත විශ්වාස කළ යුතුය. විශේෂිත කොවිඩ් රෝහල් තුළ අද මේ ලියන මොහොත වනවිට ඇත්තේ දැඩිසත්කා ඒකක ඇඳන් 40කට අඩු ප්‍රමාණයකි.  මෙතෙක් දැඩි සත්කාර අවශ්‍යතාවය රෝහල්ගතවන මුළු ආසාදිතයන්ගෙන් සියයට පහකට සීමා විය. අවස්ථා කීපයක හැර දැඩි සත්කාර ඒකකවල  බරපතල අර්බුදයක් ඒ නිසා පැන නැගුණේ නැත.

මේ අප ගතකරන්නේ මුල් අවස්ථාවට වඩා තනිකරම වෙනස් තත්වයකය.

අපි පිස්සු කෙළින්නේ ගිනිගොඩක් මත බව යළිත් ලියා තබමු.  මේ සිස්ටම් එක බිඳ දමන්නට එකවර දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගත යුතු මට්ටමේ රෝගීන් සියයක් වාර්තා වීම ප්‍රමාණවත්ය.

යළිත් අවධාරණයවන යථාර්ථයක් තිබේ. ඔවුන් ජීවත්වීමේ හෝ මිය යෑමේ වගකීම අපට පවරා ඇත. අප ජීවත් වෙනවාද මැරෙනවා ද යන්න නිරීක්ෂණය කරමින් ඒ අර්බුදය දේශපාලනිකව කළමනාකරණය කළ හැකි ආකාරය ගැන විමසමින් සිටින මේ මජර මිනිසුන් අතර ජීවත්වීමට වඩා මරණය යහපත් බව සැබෑය.

එහෙත් අපි ජීවත් වෙන්න සැලසුම් කරමු.

මේ මරණයෙන් ගැලවුනොත් සියලු මුග්ධ දේශපාලන ව්‍යවහාරයන්  ඒ බරින් දැකිය හැකි විචාර බුද්ධියක් සහිතව අනාගතය සැලසුම් කරමු.

ඉන්දියාවේ කොවිඩ් මරණ ආදාහනය කෙරෙන හැටි
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තමන් දන්නා දේ කියන්න විපක්ෂය රදගුරු සමුළුවෙන් වෙලාවක් ඉල්ලයි

Next Post

දිවුලපිටිය කොවිඩ් පොකුරට තවත් ආසාදිතයන් 42ක්… 41ක්ම අවුරුදු 14-35 වයස්වල…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.