බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ මම බොරු කිව්වා “ – කෝප් කමිටුවට ආපු ලංවිම සභාපතිට වෙච්චි දේ…

ජනපතිට එල්ල වුණු ඉන්දීය බලපෑම ගැන තමන් කී කතාව බොරු බව එකපාරක් කියා දෙවැනි පාරත් තහවුරු කරයි...

by editor
ජූනි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අදානි සමූහ ව්‍යාපාරයට සුළං බල ව්‍යාපෘතියක් ලබා දෙන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉල්ලා සිටින්නේ යැයි   ජනාධිපතිවරයා තමාට පැවසූ බවට  පාර්ලිමේන්තු  කෝප් කමිටුවට ප්‍රකාශ කලේ  වැරදීමකින්   බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති  එම්.එම්.සී.  ෆර්ඩිනැන්ඩෝ   පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ “නිව්ස් ෆස්ට් “ රූපවාහිනී නිලිකාව ඔහුගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

එහිදී  ලංවිම සභාපතිවරයා කියා  ඇත්තේ සිකුරාදා (10) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සැසියේදී තමාට චෝදනා එල්ල වූ විට තමන් දැඩි ලෙස හැඟීම්බර වූ බවයි.

කෝප් කමිටු සැසියේදී තමාට බලපෑම් එල්ල වූ බව පැවසූ ඔහු තමන් කළේ අසත්‍ය ප්‍රකාශයක්  බව පිළිගෙන ඇත.

“මම එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තා,” ඔහු  පවසා තිබිණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අද  (11) පෙරවරුවේ අමාත්‍යවරයා මේ පිළිබඳව තමන්ගෙන් විමසූ විට තමා එවැනි ප්‍රකාශයක් කළේ වැරදීමකින් බව  යළි තහවුරු කළේ යැයි  ලංවිම සභාපති  එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ පැවසීය.

භාණ්ඩාගාර ලේකම්වරයා වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංවිම සභාපතිවරයා කියා සිටියේ එය ආයෝජන මණ්ඩලයට සම්බන්ධ කටයුත්තක් බැවින් තමන් එය යොමු කළ බවය.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සිකුරාදා (10) පාර්ලිමේන්තු කෝප් කාරක සභාව  වෙත ප්‍රකාශ කළේ, මන්නාරම සුළං විදුලි බලශක්ති ආයෝජන ව්‍යාපෘතිය අදානි සමූහ ව්‍යාපාරයට ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කරන බව ජනාධිපතිවරයා තමාට පැවසූ බවයි.

සිකුරාදා (10) පාර්ලිමේන්තුවේ පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටි විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකින් අනතුරුව  ජනාධිපතිවරයා විසින් තමා කැඳවා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙගා වොට් 500ක්  වූ සුළං බලාගාරය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට  දෙන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි    පැවසූ බවය.

“මෙය මට හෝ විදුලිබල මණ්ඩලයට සම්බන්ධ කාරණයක් නොවන බවත් එය ආයෝජන මණ්ඩලයට යොමු කළ යුතු බවත් මම ඔහුට (ජනාධිපතිතුමාට) කීවෙමි,” ඔහු කෝප් කමිටුවට පැවසීය.

ඉන් අනතුරුව තමන් භාණ්ඩාගාර ලේකම්වරයාට මේ සම්බන්ධව  ලිඛිතව දැනුම් දුන් බවත්, මේ සම්බන්ධයෙන් රජයේ අවශ්‍යතාවයක්   ඇති බවත් සඳහන් කරමින් ඒ පිළිබඳව සොයා බලන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි බවත් ලංවිම සභාපතිවරයා පැවසීය.

අනතුරුව ලංවිම සභාපතිවරයාගේ ප්‍රකාශය ජනාධිපතිවරයා  තරයේ ප්‍රතික්ෂේප කළේය.

“මන්නාරමේ සුළං බල ව්‍යාපෘතියක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටු   විභාගයකදී   ලංවිම සභාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය, කිසියම් නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට මෙම ව්‍යාපෘතිය ප්‍රදානය කිරීමට අවසර දීම,  මම තරයේ ප්‍රතික්ෂේප කරමි. මේ සම්බන්ධයෙන් වගකීම් සහගත සන්නිවේදනයක් අනුගමනය කරනු ඇතැයි මම විශ්වාස කරමි, ”ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි බල මණ්ඩලයේ සභාපතිගේ කෝප් කමිටු කතාවට ජනපතිගෙන් තියුණු ප්‍රතිචාරයක්…

Next Post

69 ලක්ෂයක් නිසා 57 ලක්ෂයක්  බඩගින්නේ ! පූර්ණ මානූෂීය ආධාර අවශ්‍ය වීමේ අවදානමක් !

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.