මන්නාරම දේවස්ථාන ප්‍රහාරය සැලසුම් සහගතයි… ස.ජ.බ මන්ත්‍රීත් පොලිස්පතිට පැමිණිලි කරන්න යයි…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක් දේවස්ථානයක් පමණක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල වී නොතිබීමත් දේවස්ථාන කීපයක්ම ඉලක්ක කරගෙන ප්‍රහාර මාලාවක් එල්ල වීමත් යන කරුණු සැලකිල්ලට ගන්නා විට මන්නාරමේ කතෝලික දේවස්ථාවන වෙත එල්ල වූ ප්‍රහාර ඉතා සැලසුම් සහගතව සිදු සිදුකර ඇති බව ප්‍රහාරයට ලක් වූ දේවස්ථානවල සංචාරයක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මන්නාරමේ සංචාරය කරමින් එම පළාතේ කිතුණු දේවස්ථාන හයකට එල්ල වී ඇති ප්‍රහාර පිළිබදව ඒ ඒ දේවස්ථාන වල පූජකවරුන් සමග ඊයේ ( 17 ) කළ සාකච්ඡාවකින් අනතුරුවය.

සංචාරය අවසානයේ මන්නාරම ශාන්ත සෙබස්තියන් ආසන දෙව් මැදුරේදී එහි බාරකාර පියතුමන් සමග කළ සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරයා උන් වහන්සේ සමග පැවසුවේ මේ ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයින් නීතියේ රැහනට හසු කර ගැනීම සඳහා දැනට පැවැත්වෙන පොලිස් පරීක්ෂණ කඩිනම් කිරීමට තමන් පොලිස් පතිවරයා සමග සාකච්ඡා කරන බවයි.

Exit mobile version