මන්නාරම කිතුණු දෙවස්ථාන 04කට ප්‍රහාරයක්…. පොලිස් පරීක්ෂණ ඇරඹෙයි…

දිනසේන රතුගමගේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්නාරම නගරයේ පිහිටි කිතුණු දේවස්ථාන කීපයකටම ඊයේ ( 13) දා දහවල් හා රාත්‍රි කාලයේ එල්ල වී ඇති ගල් හා මුගුරු ප්‍රහාර සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

කිසියම් පිරිසක් විසින් මන්නාරමේ කිතුණු දේවස්ථාන පමණක් ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාර නිසා මන්නාරම නගරය හා ඒ ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථාන හතරකට අලාභහානී සිදුව තිබේ.

මෙම ප්‍රහාර එල්ල වන ආකාරය අසල පිහිටි සී.සී.ටී.වී.කැමරා කීපයකම සටහන් වී ඇති බව පවසන මන්නාරම් පොලීසිය ඒවායෙහි දර්ශන ඔස්සේ මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවද පැවසීය.

Exit mobile version