මන්ත්‍රීලා ඇමතිලා එළිපිට කුළල් කා ගැනීම අන්තිම අශෝබනයි… එස්.බී කියයි…

ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් එළිපිට කුළල් කා ගැනීම අතිශය අශෝබන ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.බී.දිසානායක පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇමතිවරු මන්ත්‍රීවරු මේ කුලල් කා ගැනීම හොඳ දෙයක් නෙමෙයි. ඒක ඉතාම අශෝභනයි. පක්ෂයක් ඇතුළෙ වැඩ කරනකොට ප්‍රශ්න එනවා. අපි හැමෝටම ප්‍රශ්න තියනවා.  ඒත් ඒ අපේ ප්‍රශ්න එළියට ඇවිත් කතා කරන්න බෑ. පක්ෂයක විනයක් තියනවා. නීති රීති තියනවා. මෙහෙම කාකොටාගෙන කොහොමද පක්ෂයක් එක්ක ඉදිරියට යන්නේ.


“ගැටලුවක් තියනවා නම් අගමැති තුමා ඉන්නවා. ජනාධිපති තුමා ඉන්නවා. තමන්ට බේරගන්න බැරි නම් එතුමන්ලට කියලා මේ ප්‍රශ්නය බේරගන්න ඕන.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“එහෙම නැතිව පක්ෂයක් ඇතුළෙ තියන මත ගැටුම්     එළියට ගේන්න බෑ. මෙහෙම අවස්ථාවක පක්ෂයක් ලෙස විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.“  එස්.බී දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

Exit mobile version