පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට අවශ්‍ය ආරක්ෂාව වහාම සලසා දෙන්නැයි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
ආනන්ද විජේපාල ඇමතිවරයා උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කරන්නේ පොලිස්පතිවරයා විසින් දැනටමත් ඒ සම්බන්ධව අදාල පියවර ගෙන තිබෙන බවය.
පක්ෂ පාට භේද නොසලකා සෑම දේශපාලකයෙකුටම ආරක්ෂාව සලසන බවත්, එවැනි අවස්ථාකවක දි කිසිම ආකාරයක බෙදිමක් සිදුනොකරන බවත් මහජන ආරක්ෂක ඇමතිවරයා සහතික වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.







