මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අනිද්දා සිට මන්ත්‍රී පවුල්වලටත් විවෘත වේ…

parliament of sri lanka

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අප්‍රේල් පළමුවෙනිදා සිට  මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරයෙන් ආහාර පාන ලබා ගැනීමට අවසර ලබා දී ඇත.

පාර්ලිමේන්තුවේ   ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණු   උපදෙස්වවලට අනුව මන්ත්‍රී පවුල්වල අයට භෝජනාගාරය විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තු භෝජනාගාර නිලධාරියෙක්  ලංකාසර කළ විමසීමක දී පැවසීය.

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තු කටයුතු නැරඹීමට ද 01 දා සිට අවසර ලැබෙන අතර ඒ අනුව මෙම භෝජනාගාරය ද විවෘත කරන බව ඉහත නිලධාරියා සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මැති ඇමතිවරුන් කළ දිගු කාලීන ඉල්ලීමක් සලකා බැලීමෙන් මෙසේ භෝජනාගාරය විවෘත කිරීමට  තීරණය වී ඇතැයි ඔහු කීවේය.

Exit mobile version