මනම්පිටිය නිමල් ජයරත්න – .
දිවයිනේ ඉහළ ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමග පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ දි මහවැලි ගගේ ජලය පිටාර මට්ටමේ පවතින බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරන සහකාර අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සුංගාවිල සෝමාවතීය මාර්ගය ජලයෙන් යටවීමත් සමග එම මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් නතර කර දැමීමට කටයුතු කළ බව එම කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මහවැලි ගඟ දෙපස සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසද වාරිමාර්ග අංශ අවධාරණය කරයි.







