මධ්‍යම පළාත් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවන කොවිඩ් රෝගීන්ට රෝහල් තුනක්

මධ්‍යම පලාත තුළ ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වන විදේශිකයන් මෙන්ම විදෙස්හි සිට පැමිණි ශ්‍රී ලාංකික ශ්‍රමික  පිරිස් අතරින් වැඩි දෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි දැනගන්නට තිබේ.

ඉකුත් මැයි මස 25 දින සිට අද දක්වා දිනපතා මහනුවර ජාතික රෝහල මගින් වෛරසය ආසාදිත බවට සැක සහිත රෝගීන්  150කට අධික පිරිසක් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කරන බව මහනුවර ජාතික රෝහල් අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමන් රත්නායක පැවසීය.

ඒ අතරින් දඹුල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ක්වේට් සිට පැමිණි පිරිසෙන් 69 දෙනෙක් සහ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින සෞදි අරාබියෙන් පැමිණි පිරිස අතරින් 15 දෙනෙක්  පසුගිය 26වන විට වෛරය ආසාදිතව සිටි බව හෙතෙම පැවසීය.


මේ වනවිට මධ්‍යම පළාත තුළ වෛරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රොහල් 03 ක් සූදානම් කර ඇති බවත්,  පෙරේදා (26) ආසාදිත බවට තහවුරු වූ රෝගීන් මෙම රෝහල් වෙත යවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ වනතුරු දැනුම් දී නොමැති බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පැවසීය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තෙල්දෙණිය, ලග්ගල පල්ලේගම, සහ මස්කෙළිය යන රෝහල් නවීන පහසුකම් සමන්විතව ඉදිකොට ඇති අතර එම රෝහල් කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා සියලු පහසුකම් සහිතව සකස් කිරීමේ කටයුතු ඉදිරි දින 02 තුළ අවසන් කිරීමට හැකි වන බවත් කොවිඩ් 19 අසාදිත රෝගීන් එම රෝහල් වෙත යොමු කළ හැකි වනු බවත්  මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ගාමිණී ජයවික්‍රම පැවසීය.

Exit mobile version