මත්කුඩු කිලෝ 250ක් සමග විදේශිකයන් 06ක් ගැඹුරු මුහුදේ දී නාවික හමුදා අත්අඩංගුවට!

 ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක්‍ මඟින් මත් කුඩු ග්‍රෑම් 250 ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් විදෙස් සැකකරුවන් 06 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව කියයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය හා එක්ව නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් (කිලෝ මීටර් 1665ක් පමණ) දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දින ගණනාවක් අඛණ්ඩව ආවේක්ෂණය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද එම මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ආරක්‍ෂාව යටතේ ගොඩබිම වෙත රැගෙන එමින් පවතී.

තවද, නාවික හමුදා අත්අඩංගුවට ගත් උර නවය (09)ක් තුළ පැකට් 225 ක් ලෙස අසුරන ලද මෙම මත් ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 250ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.


ඉදිරි දින කිහිපය තුළදී ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු මෙම මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා පිළිබඳ ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව ඇත.

මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදාව ගැඹුරු මුහුදේදී සිදු කළ මහා පරිමාන මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් 2021 අගෝස්තු මස  සිට මේ දක්වා නාවිකය හමුදාව කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් මත්කුඩු ප්‍රමාණය කිලෝ1052කි. එනම් මෙට්‍රික් ටොන් එකකතු කිලෝ පනස් දෙකකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයට අමතරව මේ වර්ෂය තුලදී පමණක්, රුපියල් බිලියන 13.16කට අධික විථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකර ගැනීමට නාවික හමුදාව සමත් වි ඇත.

Exit mobile version