මජර දේශපාලන හුවමාරු වලින් විනාශයට නොගිය ජාතික ආදර්ශය – අරුවක්කාලු

දිනකට කසල ටොන් 1200ක් තැන්පත් කිරීමට අවුරුද්දකින් වැඩ නිම කරන්න සූදානම්

අරුවක්කාලු කසල අංගනයේ වැඩ කටයුතු නිමා වෙමින්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


  • ගෝඨාභය යෝජනා කළා… චම්පික පටන් ගත්තා… ගෝඨාභය විසින් නිමා කරන්න නියමිතයි…
  • සනීපාරක්ෂක කසල රැඳවුමේ  අතුරු ඵලයක් ලෙස බලශක්තිය…. අප ජලය පිරිසිදු කරන ව්‍යාපෘතියක් ඒ සමග
  • අංගනය ආශ්‍රිතව අක්කර හතරක පරිසර උද්‍යානයක්….

කැළි කසල ගැටළුවට විද්‍යාත්මක මෙන්ම පරිසර හිතකාමී විසඳුමක් වශයෙන් පුත්තලම අරුවක්කාළු සනීපාරක්ෂක කසල රඳවනයෙහි කටයුතු ජනාධිපතිගේ සහ අගමැතිගේ උපදෙසින් කඩිනම් කෙරේ.

මේ අනුව දිනකට කසල ටොන් 1200 ක් අරුවක්කාළු විද්‍යාත්මක සනීපාරක්ෂක කසල රඳවනයෙහි තැන්පත් කර එමඟින් බලශක්තිය සඳහා ස්වභාවික වායුව සහ වගා කිරීම සඳහා ජලය අතුරුඵල වශයෙන් ක‍්‍රියාත්මක කෙරෙන කසල රඳවනයෙහි වැඩ කටයුතු 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට කොළඹ අගනගර ආශ‍්‍රිත ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතිය (Metro Colombo Solid Waste Management) බලාපොරොත්තු වේ.

රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් වැඩබිමේ සංචාරයක

කැළණියේ සිට විශේෂ ආරක්ෂිත දුම්රියකින් කිලෝමීටර් 160 ක් දුරින් පිහිටි අරුවක්කාළු වෙත කසල රැගෙන යන අතර කැළණියට මෙම කැළි කසල කොළඹ මහා නගර සභාව හා පළාත් පාලන ආයතනවලින් ලබාදෙන්නේ එය වර්ගීකරණයකට ලක් කිරීමෙන් අනතුරුවයි.


ජාතික කර්තව්‍යයක් සේ සලකා මෙම ව්‍යාපෘතියට මහජනතාවට ද සහාය ලබාදිය හැකි අතර තම නිවසේදීම කැළි කසල වර්ගීකරණයකට ලක්කර පළාත් පාලන ආයතනවලින් සිදුකරන කසල එකතු කිරීමේ ක‍්‍රියාවලියට යොමුකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කැළණියේ සිට සුරක්ෂිතව දුම්රිය මාර්ගයෙන් ගෙන එනු ලබන කැළි කසල අරුවක්කාළු සනීපාරක්ෂක කසල අංගනයේදී රඳවා ගනු ඇත.

දුම්රිය පෙට්ටි 30 බැගිින් සමන්විත විශේෂ ආරක්ෂිත දුම්රිය 2 ක් මෙම කසළ ප‍්‍රවාහනය සඳහා යොදාගනු ලබන අතර එක් දුම්රියකින් ටොන් 600 ක කසල ප‍්‍රමාණයක් එක්වරකට ගෙන යා හැකිය.

මෙම සනීපාරක්ෂක කසල රඳවනයෙහි ක‍්‍රියාකාරීත්වය ආරම්භ වී වසර 2 ක පමණ කාලයක් ගතවන විට ස්වභාවික වායුව නිපදවිය හැකි අතර එමඟින් ලැබෙන බලශක්තිය මෙම ව්‍යාපෘතියේ ශක්ති ජනනයට සහ ජාතික විදුලිබල පද්ධතියට ද ලබාදීමට සැලසුම් කර තිබේ.

විදුලි බලය නිපදවීමට, අප ජලය පවිත‍්‍ර කිරීමට හා මෙහි පර්යේෂණාගාරයේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම මෙහිදී අමතර ආදායම් ලබාගත හැකි මාර්ග වශයෙන් ද හැඳින්වීමට පුළුවන.  රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාට අනුව තව වසරකින් මේ ව්‍යාපෘතියේ වැඩ නිමා වනු ඇත.

අරුවක්කාළු ප‍්‍රදේශයේ අක්කර 265 ක භූමි ප‍්‍රදේශයක මෙම සනීපාරක්ෂක කසල රදවන ව්‍යාපෘතිය පිහිටන අතර එමඟින් අක්කර කිහිපයක්ම උද්‍යානයක් ලෙස අලංකාර කිරීම, ආරක්ෂක භූමි සහ පරිසර හිතකාමී තත්වය ඇති කිරීමට වෙන් කර ඇත.

මෙම මුළු ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල ඇ.ඩො.මි. 120 කි.

අරුවක්කාලු කසල අංගන ප්‍රෙව්ශ මාර්ගයක් සැකසෙමින්
රටක් ලෙස අප ඉදිරියට යන්නට අවශ්‍ය වන්නේ අශික්ෂිත දේශපාලන භාවිතයන් නොවේ. රටට ප්‍රායෝගික සංවර්ධන ව්‍යාපෘති  ප්‍රතිපත්ති හා එම ප්‍රතිපත්ති මත පදනම් වූ ව්‍යාපෘති  දේශපාලන කුහකත්වයකින් තොරව පවත්වාගෙන යෑමය. කැළි කසල අර්බුදයට විද්‍යාත්මක, පරිසර හිතකාමී දීර්ඝ කාලීන විසඳුමක අවශ්‍යතාවය දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණු අතර මෙම ක‍්‍රියාවලිය සඳහා මුලින්ම අවධානය යොමු කළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන කාලයේදීය. එහෙත් එය ක්‍රියාත්මක වුනේ නැත. කොළඹ අවට කුණු කඳු ගොඩ ගැසුනි. එහි ප්‍රතිඵල ලෙස මීට වසර තුනකට පෙර මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යෑමෙන් සිදුවූ පුද්ගලයින් හතලිස් දෙනෙකුගේ ජිවිත විනාශය මෙන්ම දහස් ගණනකට උන් හිටිතැන් අහිමි කළ දේපළ විනාශයත්  සිදු විය.  බ්ලුමෙන්ඩල්, කරදියාන වැනි තැන්වල  පරිසර හා මහජන සෞඛ්‍යය ව්‍යසනයට පත් විය.
මේ ව්‍යසනයෙන් පසු පසුගිය ආණ්ඩුවේ මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින්   අරුවක්කාලු කසල අංගනයේ කටයුතු ආරම්භ කළේය. ඊට එරෙහි විරොි්ධය ගොඩ නැගිනි. එවකට විපක්ෂයේ සිටි මේ ආණ්ඩුව එම විරෝධය දේශපාලනික කලමනාකරණය කරගත්තේය.
නමුත් බලයට පැමිණි පසු එම ව්‍යාපෘතිය ඒ බරින්ම ක්‍රියාත්මක කිරීමට   රජය කටයුතු කරමින් සිටී.
දේශපාලනකිව කුඩුකේඩුකම්වලින් බැහැරව ප්‍රායෝගික ප්‍රතිපත්තිමය පාලන ක්‍රමයකට පත් වීමේ වැදගත්කම පාලකයන් පෙන්වා දෙමින් සිටී. මේ සාක්ෂරතාවය මේ රටේ ඡන්ද දායකයා වෙත ලැබෙන දිනයේ මේ රට වඩාත් සශ්‍රීක එකක් වනු ඇත.

Exit mobile version