සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මචං…  අඩි – පුඩි – බඩු ගසා ඉවරවී වෙලාවක් තිබුනොත් චමරිලා ගහන මැච් එකක් බලන්න…

by editor
ජූලි 28, 2024 - Updated on ජූලි 29, 2024
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී යළිත්  ශ්‍රි ලංකා ක්‍රීඩකයින් ක්‍රිකට් හාන හැටි දුටුවෙමු.

විස්සයි විස්ස තරගාවලිය තරගයක් ඉතිරිව තබාගෙන ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කර හමාරය.

අද පැවති දෙවැනි තරගය ඉන්දියාව කඩුළු 07කින් දිනුම්ය.  වඩාගෙන ගහනවා කියන්නේ කුමක්දැයි බලා ගන්නට අවශ්‍ය  කෙනෙක් ඉන්නවා  නම් අද මැච් එක යූ ටියුබ් එකේ හෝ යලි බලන්න යෝජනා කරමු.

කඩුළු 9ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 161ක් ලබා ගත්තේය. අයහපත් කාල ගුණය හේතුවෙන්  ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව පන්දු ඕවර 8ක දී ලකුණු 78ක ඉලක්කයක් ඉන්දියානු කණ්ඩායමට  ලැබි තිබිණි.  ඔවුන් පන්දු ඕවර 6.3ක දී තරගය නිමා කළහ.

ලියන්නට සිදුවන්නේ එකම කතාවකි. මේ ක්‍රිකට් අහවල් ක්‍රිකට්දැයි කියාය.

කාසියේ වාසිය දිනුවේ ඉන්දීය කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 24ක දී ලකුණු 32කි. කුසල් ජනිත් පෙරේරා පන්දු 34ක දී ලකුණු 53කි.  කමිඳු මෙන්ඩිස් පන්දු 23ක දී ලකුණු 26කි. කමිඳු දැවී යන්නේ 16 වැනි ඕවරයේ පළමු පන්දුවේදී  ය. එවිට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 130කි.  කමිඳුගේ දැවී යාමත් ඇතුළුව පන්දු 30ක් තුළ    ලකුණු 31කට කඩුළු 7ක් දැවි යන අයුරු දකින්නට යළිත් අපි  සල්ලි දී ටිකට් අරන් පල්ලෙකැලේ  ක්‍රිඩාංගනයට පැමිණ සිටියෙමු.

දසුන් ශානක සහ වනිඳු හසරංග පිටියට පැමිණියේ ගංජා ගසා දැයි තේරුම් ගත නොහැකි විය. දසුන් ශානක එක පන්දුවකි කඩුල්ල කුඩුවී ගියේය. වනිඳු හසරංග  ඊලඟ පන්දුවේ දී තේරුම් ගත නොහැකි මන්ද බුද්ධිකයෙක් සේ  පහර දෙන්නට ගොස් කඩුල්ල කුඩු කරගතතේය. රවී බිෂ්නෝයිගේ කඩුළු ත්‍රිත්වය බේරාගන්නට රමේෂ් මෙන්ඩිස්ට හැකි වීම පිළිබඳ ඔහුට ස්තුතිවන්ත විය යුතු වූයේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

මේ අතිශය අසීරු මොහොතේ අනෙක් අන්තයේ ක්‍රිඩා කළ නායක චරිත් අසලංක අර්ෂදීප් සිං ගේ  ෆුල්ටොස් පන්දුවකට සංජු සැම්සන් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

කොණ්ඩ කපා කරාබු ගලවා දමා පිට්ටනියට එවු වෘෂභ පෝතකයින්ගේ දැන් කපන්නේ මොනවාදැයි සනත් ජයසූරිය කල්පනා නොකරනවා නම් පුදුමය.  මේ ක්‍රිකට් ඒ තරම් වගකීම් රහිතය. ලැබෙන අත්දැකීම්වලින් කිසිවක් ඉගෙන නොගන්නා සුලුය.  ඛේදවාකය එයය.

මුල් පෙළ ගෙදර තියා පැමිණි ඉන්දියානු කණ්ඩායමේ පිතිකරුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට සැලකුවේ දූවිලි ගානටය.

යශස්වී ජයිස්වාල් පන්දු 15ක දී ලකුණු 30කි. සූර්ය කුමාර් යාදේව් පන්දු 12ක දී ලකුණු 26කි.  හර්දික් පාණ්ඩ්‍යා නොදැවි පන්දු 09ක දී  ලකුණු 22කි.

ලකුණු 78ක ඉලක්කය බේරා ගන්නට චරිත් අසලංක  තෝරා ගත් අපේ අංක එකේ දඟ පන්දු යවන්නා තූ නොදකින් කියා හිතෙනා තරමට ගුටි කෑවේය.  වනිඳු හසරංගගේ පන්දු ඕවර 2ට පමණක් ලකුණු 34කි. ඕවරයක සාමාන්‍ය ලකුණු 17කි.  ලකුණු 6ක් යන පහරක් අසීරුවෙන් රැකගැනීම හේතුවෙන් ඔහුට කඩුල්ලක් ලැබිනි.

අත්දැකීම් බහුල බව කී දසුන් ශානක එක් ඕවරයක් යැව්වේය. කඩුළු නැත. ලකුණු 12කි.

මහීෂ් තීක්ෂණ ලකුණු ලකුණු 16කට කඩුල්ලක්, මතීෂ පතිරණ ලකුණු 18කට කඩුල්ලක් ලැබුවේය.

මේ පරාජය සිදුවන්නේ එහි නීරස අතාර්කිකත්වයේ ස්වරූපය තදින් සසඳා ගත හැකි අවස්ථවක ය.  ඉන්දියානු කාන්තා  කණ්ඩායම මෙතෙක් වෙන   කිසිවෙකුට ගිලිහෙන්නට නොදී විස්සයි 20 ආසියානු කුසලානය රැකගත්  ඉතිහාසයක් තිබිණි. ඒ ඉතිහාසය වෙනස් කර  ඉන්දියානු කණ්ඩායම  පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානය දිනාගත්තේ අද සවසය.

අද   රාත්‍රියේම  ඉන්දියානු පිරිමි කණ්ඩායමට  ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමින් නිරුවත් වීම  දෛවෝපගතය.

මුන්ට නොතේරෙන දෙය නම් ක්‍රිකට් යනු සෙල්ලමක් හෝ සූදුවක්  නොව වගකීමක්   බවය.  ඒ වගකීම රටට සහ ජාතියටය. ක්‍රීඩකයෙකුට  ජාතියට ඇති  වගකීම සදහා වූ වගවීම කුමක්දැයි තේරුම් ගැනීමට  මේ නාඹර මීමුන්ට වෙලාවක් සොයා ගත හැකි නම් එක දෙයක් කළ හැකිය.

අඩි පුඩි බඩු ගසා ඉවර වී වෙලාවක් තියනවා නම් මචං ගිහින් චමරිලා ගහන මැච් එකක් බලන්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති ගේ ප්‍රශ්නයෙන් ජනාධිපති ලිස්සා යයි… කථානායකට සහ අගවිනිසුරට කථා කර තීරණයක් ගන්නලු!

Next Post

මුලතිව්වලින් ඇරඹී මුළු උතුරම කොකෝවා උයනක්වන ලකුණු… අත්හදා බැලීම් සාරථකයි… චොක්ලට් හදන්නත් සූදානම්!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.