රසායනික කෘෂිකර්මාන්තය මාෆියාවක් බවත් තමන්ගේ අමාත්‍යාංශයේ නිලධාරීන් බොහෝ දෙනෙක් එම මාෆියාවේ ජාවාරම් කාර කොමිස් කරුවන් නිසා හරිත කෘෂිකර්ම වැඩපිළිවෙළ බිඳවැටුණු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියයි.
ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ නොකළ නිලධාරීන් ගැන ප්‍රකාශ කිරීමට පෙර මේ පිරිස ගැන කීවේ තමන් බව ඇමතිවරයා පැවසීය.
ඔහු අද (02) ඒ පිළිබඳව කීවේ මෙසේය.
“මගෙ අමාත්‍යාංශයේ නිලධාරීන් සියයට හැටක් හැත්තෑවක් මේ වැඩේ ඇදගෙන ගියෙ නෑ. රසායනික කෘෂිකර්මාන්තය කියන්නෙ මාෆියා එකක්. මේක ඇතුළෙ හැමෝටම කොමිස් හම්බවුණා. පොහොර ආනයනය කරන එකේ ඉඳලා බෙදන එකේ ඉඳලා ප්‍රමිතිය තීන්දු කිරීමේ ඉඳලා විශාල කොමිස් මුදල් ආවා.“
“මේ හොරකම් කොමිස් ඔක්කොම නැවතුනා මේ වැඩපිළිවෙළ නිසා. ඒ නිසා නිලධාරීන් ගොඩක් මේ හරිත කෘෂිකර්ම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කැමති වුනේ නෑ. “
Discussion about this post