සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මංගල ටෙස්ට් තරගයේදීම ලෝක වාර්තාවක් තැබූ උස කොල්ලා… කවුද මේ මිලාන් රත්නායක?

by editor
අගෝස්තු 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට හඳුන්වා දුන් එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩාමට එරෙහිව සහභාගි වූ සිය මංගල ටෙස්ට් තරගයේදී ම ටෙස්ට් ක්‍රිකට් වාර්තා දෙකක් පිහිටවූ ශ්‍රී ලංකා පිතිකරු මිලාන් රත්නායක ගැන ක්‍රිකට් ලෝකයේ ම අවධානය යොමුව තිබේ.

අංක 09 ක්‍රීඩකයා ලෙස පිටියට පැමිණ ලෝක වාර්තාවක් තබමින් එම ස්ථානයේ ක්‍රීඩ කළ ක්‍රීඩකයෙක් විසින් රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය මිලාන් රැස් කළේය.

ප්‍රබල එංගලන්ත පන්දු යවන්නන්ගේ අභියෝගය හමුවේ මිලාන් රත්නායක පළපුරුදු පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාව ඉක්මවා ගෙන යාමට කටයුතු කළේ, තරගය නැරඹීමට පැමිණි එංගලන්ත ප්‍රේක්ෂකයින්ගේ ද ආචාරය හිමි කර ගනිමිනි.

කවුද මේ මිලාන් රත්නායක?

රත්නායක මුදියන්සේලාගේ මිලාන් ප්‍රියන්ත රත්නායක උපත ලැබුවේ, 1996 වසරේ අගෝස්තු මස 01 වන දා කුරුණෑගලදී ය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

මිලාන් රත්නායක අධ්‍යාපනය හදාරා ඇත්තේ වාරියපොළ සුමංගල විදුහලෙනි.

පාසල් අවදියේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවූ මිලාන් දකුණතින් වේග පන්දු යවන්නෙකු ද වන අතර ඔහු පන්දුව මනා පාලනයකින් යුතුව දෝලනය කිරීමට ද හැකි අයෙකු ලෙස ද ප්‍රකට ය.

අඩි 06ක් උසැති මිලාන්ට ඔහුගේ උසේ වාසියත් සමග පන්දුව මනා ඉපිලීමකින් යුතුව යොමු කිරීමට ද හැකිවීම නිසා පිතිකරුවන්ට ඔහු ප්‍රබල තර්ජනයක් ගෙන දෙන පන්දු යවන්නෙක් ලෙස පාසල් සමයේ සිට ප්‍රසිද්ධ වී සිටී.

දේශීය තරග බිමේ දැක්වූ දක්ෂතා

2016 වසරේදී මිලාන් රත්නායක ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අතර එහිදී ඔහු සිය මුල් පෙළ දේශීය තරග දිවිය ආරම්භ කළේ ය.

දේශීය ක්‍රීඩා පිටියේදී මිලාන් රත්නායක මුවර්ස් ක්‍රිකට් සමාජය, කුරුණෑගල ක්‍රීඩා සමාජය මෙන් ම LPL තරගාවලියේදී ගෝල් ටයිටන්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් නියෝජනය කළේ ය.

පළමු පෙළ තරග 40කදී කඩුලු 81ක් දවා ගෙන ඇති ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය 3.55ක් ලෙස සටහන් වෙයි.

පළමු පෙළ තරග බිමේදී මිලාන් රත්නායකගේ හොඳ ම පන්දු යැවීම ලකුණු 36කට කඩුලු 05ක් දවා ගැනීම ය.

දේශීය තරග බිමේදී ඔහු ක්‍රීඩා සමාජ, පළමු පෙළ සහ විස්සයි 20 තරගවලදී දවා ගෙන ඇති මුළු කඩුලු සංඛ්‍යාව 152කි.

ජාතික කණ්ඩායමට ලැබුණු කැඳවීම

ශ්‍රී ලංකා ඒ සංචිතයට නම් කෙරුණු මිලාන් රත්නායකට පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කැඳවීමක් ලැබුණේ, 2023 වසරේ පෙබරවාරි මාසයේ පැවති නවසීලන්ත සංචාරය සඳහා ය.

ඉන්පසුව එම වසරේ අප්‍රේල් මාසයේදී පැවති අයර්ලන්ත ටෙස්ට් තරග සංචාරය සඳහා ද මිලාන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නම් කෙරුණ ද ඔහුට ටෙස්ට් වරම් හිමි කර ගැනීමට එම අවස්ථා දෙකේදී ම අවස්ථාවක් හිමි නොවී ය.

මංගල ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතාව

වසරකට අධික කාලයක් ජාතික කණ්ඩායමේ ටෙස්ට් සංචිතයට නම් කර සිටි මිලාන් රත්නායක අංක 09 පිතිකරුවා ලෙස තම මංගල ටෙස්ට් තරගයේදී ම පළපුරුදු පිතිකරුවෙකුගේ භූමිකාව නිරූපණය කරමින් පන්දු 135කදී ලකුණු 72ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අංක 09 පිතිකරුවෙකු හෝ ඊට පහළ පිතිකරුවෙකු සිය මංගල ටෙස්ට් තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙස එය සැලකෙයි.

මිලාන් රත්නායක සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේ, ෂොයිබ් බෂීර්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් ය.

ඔහුගේ එම ඉනිමට හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 06ක් ඇතුළත් විය.

මිලාන් රත්නායක සිය මංගල ටෙස්ට් තරගයේදී ම වාර්තා පොත් අතරට ද එක්විය. ඒ, සිය මංගල ටෙස්ට් තරගයේදී ම අංක 09 පිතිකරුවා ලෙස වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා බවට පත් වෙමිනි.

ඔහු බිඳ දැමුවේ මීට වසර 41කට පෙර එනම් 1983 වසරේදී පකිස්ථාන කණ්ඩායමට එරෙහිව ඉන්දීය ක්‍රීඩක බල්වින්දර් සන්ධු විසින් රැස් කරන ලද ලකුණු 71 වාර්තාව යි.

ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කින්සන්, මාර්ක් වුඩ් සහ ෂොයිබ් බෂීර් වැනි ප්‍රබල එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ඔහු පිතිකරණයේ යෙදුණේ, ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ පිතිකරුවන්ට ආදර්ශයක් ද ලබා දෙමිනි.

නායක ධනංජය ද සිල්වා සමග ශ්‍රී ලංකා ඉනිමේ 08 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සහ 09 වන කඩුල්ල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු සමග ලකුණු 50ක සබඳතාවන් ගොඩ නැගීමට මිලාන් රත්නායක සමත් විය.

ඔහුගේ එම ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කිරීමට හැකි විය.

මිලාන්ට අමතරව, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා ලකුණු 74ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 24ක් රැස් කිරීමට සමත් විය.

“මම පුළුවන් තරම් බෝල අතඇරලා සිටුවේෂන් එක අනුව සෙල්ලම් කළා”

තරගයෙන් පසුව මාධ්‍ය හමුවකට එක්වූ මිලාන් රත්නායක පැවසුවේ, මෙම තණතීරුවේ පිතිකරණයේ යෙදීම පහසු එකක් නොවූ බව ය.

 “ඇත්තට ම සෙල්ලම් කරනවා කියලා දැන ගත්ත ම කලින් දවසේ රෑ නින්ද ගියේ නැහැ.”

“මුලින් ම ටෙස්ට් කැප් එක මට ලැබුණේ කුමාර් සංගක්කාරගේ අතින්. ඒක මට ගොඩක් වාසනාවක්. ගොඩක් සතුටු යි මට.”

“මැච් එක ගැන කිව්වොත් මට කරන්න තිබුණේ කැප්ටන්ට සපෝර්ට් කරන එක. මුලින් ම කැප්ටන්ට සපෝර්ට් කරලා සිටුවේෂන් එකේ හැටියට ප්‍රෙෂර් එක හැන්ඩ්ල් කරන එක. මගේ පැත්තෙන් කැප්ටන්ට වෙන්න ඕන දේ කරනවා කියලා හිතාගෙන යි මම බැට් කළේ.”

“විකට් එක මම හිතුවේ ගොඩක් මූව් වෙයි කියලා. සමහර වෙලාවට ස්පින් එකට බොලේ පහතින් ආවා වගේ ම සමහර වෙලාවට බෝලේ උඩින් ගියා. විකට් එක ලේසි නැහැ සෙල්ලම් කරන්න. මගේ රෝල් එකේ හැටියට මම කළේ පුළුවන් තරම් බෝල අතඇරලා ටීම් එකට සපෝර්ට් කරන එක. විකට් එක ලේසි නැහැ සෙල්ලම් කරන්න. ඒ කට්ටිය දෙපැත්තට ම බොලේ යවනවා (දෝලනය). ඒක බලලා ඒ සිටුවේෂන් එකට සෙල්ලම් කළේ.”

“අපි ලෝවර් ඕඩර් එක කතා වුණේ විකට් දෙන්නේ නැතුව පුළුවන් තරම් ලකුණු ගන්න එක ගැන. පළවෙනි විකට් 6-7 ගියාට පස්සේ පුළුවන් තරම් ඉඳල ලකුණු ගන්න එක ගැනයි අපි කතා වුණේ.”

“අපි නෙට්ස්වල ගොඩක් බැට් කළා බෝලර්ස්ලා එහෙම. සාමාන්‍යයෙන් වැඩි වෙලාවක් බැට් කළා.”

“මම හිතන්නේ නැහැ කලින් මට අවස්ථාවක් ලැබෙන්න තිබුණා, මම කාලයක් බලන් හිටියා කියලා. මම හිතන්නේ මට හොඳ ම දවසේ සෙල්ලම් කරන්න ලැබුණා කියලයි,” මිලාන් රත්නායක පැවසුවේ ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දියවුන TNA එකට තවත් ප්‍රහාරයක්… ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ තීරණය නොසලකා ශ්‍රී ධරන් දෙමළ පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක් වෙයි!

Next Post

ජනපතිගේ ආණ්ඩුව ජනාධිපතිවරණය ප්‍රකාශ කර ඇති අවස්ථාවක ජනතාවට සහන බෙදීම ගැන පැෆරල් මැතිවරණ කොමිසමට පැමිණිල කරයි…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.