හිටපු අමාත්‍ය මංගලගේ අවසන් කටයුතු අද සවස

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු අද (24) සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලකදී හිටපු අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ දේහය සම්බන්ධ මූලික කටයුතු අවසන් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ් වෛරස ආසාදනයට ලක්ව සිටි ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා සුවය ලබමින් සිටියදී හදිසි හෘදයාබාදයකට ලක්ව ඇති බව ද රෝහල්ආරංචි මාර්ග සඳහන් කරයි.

1994 මහ මැතිවරණයෙන් පළමු වරට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලනයට පැමිණි සමරවීර මහතා මුදල්, තැපැල් හා විදුලි සංදේශ ජනමාධ්‍ය ඇතුළු ඇමති ධුර ගණනාවක් ඉසිලූ අතර මෙරට දේශපාලනයේ විවාදාපන්න චරිතයක් ලෙස ප්‍රකටව සිටියේය.


පසුගිය අගොස්තු මස 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වීමෙන් පසුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු මංගල සමරවීර මහතා රෝගී ත්ත්වය සමඟ පැමිණි සංකූලතා හේතුවෙන් දැඩිසත්කාර ඒකකයටද ඇතුළත් කෙරිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී සුවය ලබමින් සිටින අවස්ථාවේ හසිදි හෘදයාබාධයක් වැලදී ඇති අතර අද පෙරවරුවේ ඔහු තම ජීවිතයෙන් සමුගත්තේය.

Exit mobile version