කරවල සහ ආනයනික හාල්මැස්සන් ආදී භාණ්ඩ කිහිපයක් මත නව බදු වැඩිකිරීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
භාණ්ඩ කිහිපයක් සඳහා මීිට පෙර පනවා තිබූ බද්ද 2020 සැප්තැම්බර් මස 30 දිනැති ගැසට් නිවේදනයේ වසරක් වූ වලංගු කාලය 2021 සැප්තැම්බර් මස 30 දිනයෙන් අවසන්වීමට නියමිත බැවින් එය තවත් වසරක කාලයක් සඳහා කිසිදු සංශෝධනයකින් තොරව දීර්ඝ කිරීමට පමණක් ගැසට්ටුවක් නිකුත් කළ බව එම නිවේදනයේ දැක්වෙයි.
දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා වන පරිදි, බටර්, උළුහාල් ඇට, කුරක්කන් පිටි, අබ ඇට සහ ලුණු ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු මේ අනුව වෙනසක් සිදුනොවන බව අමාත්‍යාංශය සදහන් කරයි.