බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භාණ්ඩාගාරය හිස්… ජනවාරි පෙබරවාරි රාජ්‍ය සේවක වැටුප අර්බුදයක බව ජනපති කැබිනට් එකට කියයි…

සමෘද්ධි දීමනා සති දෙකකින් ප්‍රමාද වේවි... අපි ඉන්නේ බරපතල මූල්‍ය ගැටලුවක... බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම් දෙමින් පවසයි...

by editor
ජනවාරි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • අය – වැයෙන් සෑම අමාත්‍යාංශයකටම වෙන් කළ මුදලින් සියයට 5ක් කපා හැරීමේ තීරණයක්…

ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුකර ඇති බවත්,  සමෘද්ධි දීමනාව ලබාදීමට සති දෙකක් පමණ ප්‍රමාද විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

අද (10)  ගෙවීමට තිබූ විශ්‍රාම වැටුප්වල යම් ප්‍රමාදයක් ඇති බව උදෑසන වනවිට විශ්‍රාමික ප්‍රජාවගෙන් විමසීම් ලැබෙමින් තිබිණි.
අද කැබිනට් තීරණ ප්‍රකාශයට පත්කරමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කීවේ මේ වනවිට භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බවය.

කෙසේවෙතත් මෙයට පිළියමක් ලෙස සියලුම අමාත්‍යාංශවලට අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් 5%ක් කපාහැරීමට යෝජනා වී තිබේ.

බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කැබිනට් තීරණ දැනුම් දෙමින්  මෙසේ පැවසීය.

“ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ලැබුවා වු 2023 වසරේ දී අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණදි සිටින බව.“

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ආර්ථිකය 2022 හැකිලීම කරණකොට ගෙන බදු මගින් රැස්කර ගත හැකි ආදායම් ප්‍රමාණය වර්ෂය මුල විශාල ලෙස අඩුවෙලා තියෙනවා. ඒ නිසා ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල රජයට බදුවලින් ලැබෙන ආදායම විශාල ලෙස පහත ගියත් අත්‍යවශ්‍යයෙන්ම ගෙවිය යුතු වියදම් දැරීමට සිදුවෙනවා.

රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සඳහා ගෙවන පොලී, වෙනත් සුබ සාධන වියදම් වැනි එදිනෙදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් කිසිදු ආදායමක් භාණ්ඩාගාරයට නෑ.

ඒ නිසා ප්‍රධාන ගැටලුව ලෙස මුහුණදී සිටින්නේ සෑම මසකම අග රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ දී. ඒ බිල සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා තමයි ප්‍රමුඛතාවය ලබාදෙන්නේ. ඒ ප්‍රමුඛතාවය ලබාදීමෙන් පසු ඇතිවෙන අත්‍යවශ්‍ය සුබ සාධන පිරිවැය දරන්නවත් ප්‍රමාණවත් ආදායමක් නොමැති නිසා.

මේ වර්ෂය පුරාවට මේ ආදායම් ගැටලුව පවතින නිසාත් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා සියලූම අමාත්‍යාංශවල අයවැය ලේඛනයෙන් වෙන්කළ මුදල්වලින් සියයට 5ක් කපා හරින්න.

ජනවාරි මාසයේ දී වැටුප් ගෙවීමේ දී තියෙන දුෂ්කරතාවය නිසා සමෘද්ධි සහනාධාරය ගෙවීම සතියකට දෙකකට කෙටි පමාවක් සිද්ධවෙන්න ඉඩතියෙන බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම්දුන්නා.

ඒ තරම්ම දරුණු මුල්‍ය අර්බුදයක් මේක. අපි කවුරු ආණ්ඩු කළත් භාණ්ඩාගාරයට ලැබෙන්නේ මහජනතාවගෙන් ලබාගන්න බදු මුදල් හා බදු නොවන ආදායම් මගින් තමා මේ සියලු වියදම් දරන්න වෙන්නේ. අපි කාගේවත් පුද්ගලික මුදලින් වියදම් දැරීමක් නෑ. සෑම වියදමක්ම දරන්නේ මහජනතාවගේ බදු මුදල්වලින්. මහජනතාව වෙත විශාල පීඩනයක් බදුවලින් පැටවිලා තියෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ATM කඩමින් දකුණේ සිදුකළ බැංකු කොල්ලයේ සැකකරුවන්  05ක්  23 දා තෙක් රිමාන්ඩ්…

Next Post

කවදාවත් නැති තරමට රෝග උත්සන්න ළමා රෝගීන් රෝහල්ගත කිරීම් වැඩි වෙලා…  ළමා රෝහලේ දැඩි සත්කාර ඇඳන් පිරී ගිහින්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.