බෝම්බයෙන් තුවාලලත් හිටපු කොටියා මියයයි

දිනසේන රතුගමගේ:

කිළිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේදී බෝම්බයක් සවි කිරීමට ගොස් එය පුපුරා යාමෙන් බරපතල ලෙස තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයා 8 දා උදෑසන  අනුරාධපුර රෝහලේදී මිය ගොස් තිබේ.

ඔහු තුවාල ලැබීමෙන් පසුව මුලින්ම කිළිනොච්චිය රෝහලට ඇතුළත් කල අතර ඉන් පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහල වෙත ඇතුළැත් කොට තිබුණි.


වයස අවුරුදු 44 ක් වූ ඔහු එල්.ටී.ටී.ඊ.බුද්ධි  අංශයේ කටයුතු කොට යුද හමුදාවට බාර වීමෙන් පසුව රජයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ පුනරුත්ථාපනය වූවෙකි.

නිවසේදී බෝම්බය පිපිරීමෙන් පසුව පොලීසිය කළ් සොයා බැලීමකදී නිවසේ තිබූ තවත් බෝමබ තුනක් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද බෝම්බ පිපිරවීම සදහා යොදා ගන්නා බැටරි ඇතුලු උපකරණද සොයා ගැනීමට පොලීසියට හැකි වුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිද සහ තවත් අයෙකු  පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version