බොරු තොරතුරු දී වාහන කුලියට අරන් විකුණා දැමීමේ ජාවාරමක් හෙළිවෙයි

ව්‍යාජ හැඳුනුම්පත්, ගමන් බලපත්‍රය ඉදිරිපත් කොට කුලියට දෙන ස්ථානවලින් වාහන ලබාගෙන ව්‍යාජ ලියකියවිලි සකසා විකුණා දැමීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාහන කුලියට දෙන ස්ථානවලින් වාහන ලබාගෙන වාහන සමගම පුද්ගලයින් අතුරුදහන් වන සිද්ධි රටපුරා රට පුරා ප්‍රදේශ කිහිපයකින් වාර්තා වීමත් සමඟ ඒ පිළිබඳ පොලිස් විමර්ශනයක් ආරම්භ කෙරිණ.

ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මෙලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර වාහන කුලියට ගෙන ගොස් ව්‍යාජ ලියකියවිලි සකසා විකුණා දැමීම සිදු කර ඇති බවට තොරතුරු රැසක් පොලිසිය වෙත අනාවරණය වී ඇත.


මිරිහාන, යාපනය අවිස්සාවේල්ල, ගල්කිස්ස, හෝමාගම, නුවරඑළිය, අනුරාධපුර කල්මුණ කෑගල්ල වැනි පොලිස් වසම්වලින් මෙම වාහන ජාවාරම පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් මන්නාරම, ලුණුවිල, මාතලේ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ඔවුන් සතුව තිබී ව්‍යාජ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර තිබී පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිසිය ඉල්ලා සිටින්නේ ඕනෑම පුද්ගලයෙකු වාහන කුලියට දෙන ස්ථානයකට තම වාහන ලබා දීමට අපේක්ෂා කරන්නේ නම් මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි.

එමෙන්ම වාහන කුලියට දෙන ස්ථානයක හිමිකරුවකු හෝ සේවකයෙකු නම් මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද පොලිසිය දන්වා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංවිධානාත්මක ලෙස සිදු වූ මෙම ජාවාරම සම්බන්ධයෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version