බූස්ස බන්ධනාගාරයේ 33කට කොවිඩ්…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 33 දෙනෙකුට හා ගාල්ල බන්ධනාගාරයේ එක් රැදවියෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල පිහිටි අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරණු ලබන රැඳවියන් බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය කරන අතර පසුව කරනු ලැබු පි.සි.ආර්. පරික්ෂණවලදි මෙම රැඳවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

බුස්ස බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිත රැඳවියන් 33 දෙනාගෙන් 12 දෙනෙකු මාතර වටරැක බන්ධනාගාරය වෙතද 21 නෙකු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත ද ප්‍රතිකාර සදහා යොමුකොට ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

කොවිඩ් වසංගතය ආරම්භ වි මේ දක්වා කාලය තුළදි බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් 555 දෙනෙකු හා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 102 දෙනෙකු කොරෝනා අසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

Exit mobile version