බූස්ටර් එන්නත තවමත් ලබා නොගත් සේවකයින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය තුල සිටින බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මාධ්‍ය කල විමසුමකදී සඳහන් කළේය.
මේ වන විටත් කොවිඩ් වයිරස ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත් ඇති කීපදෙනෙකුම රෝහල් ගත කර තිබෙන බවද අධ්‍යක්ෂවරයා අනාවරණය කළේය.
ඔහු සදහන් කළේ වයිරස ආසාදනය වී ඇති පුද්ගලයින් දින 7ක කාලයක් යන තෙක් සේවයට නොකැදවන බවය.
බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් ට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් අසාද්‍ය තත්ත්වයට පත්විය හැකි බැවින් එය වහාම ලබා ගැනීමට කටයුතු කරන්නැයි තමා තම සේවකයින් දැනුවත් කර ඇති බවද අධ්‍යක්ෂ බටුවන්තුඩාව මහතා පැවසීය







