ප්‍රජාතන්ත්‍රවාදයේ හැසිරෙන සමාජයක මිනිස්සුන්ගේ ප්‍රබලම ප්‍රකාශනය සිරවි ඇත්තේ මේ පෙට්ටි තුළය. ඊට මිලක් නැත. එහෙත් ඒ වෙනුවෙන් රජය දරන වැය රුපියල් බිලියන දහයකට ආසන්නය.
මේ පෙට්ටියේ ඇති එක එක් එක් කොලයේ තමන් ගේ නියෝජන සලකුණ ඉදිරියේ කතිරයක් සලකුණු කරගැනිමට ඡන්ද දායකයන් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් වෙනුවෙන් ප්‍රධාන අපේක්ෂකයින් සිවු දෙනා දළ වශයෙන් බිලියන 6කට වඩා වියදම් කර තිබේ. ඒ ආර්ථික වැය බරය.
මේ කතිර හරහා රටේ මිනිසුන් විසින් තෝරා ගන්නේ ගර්හිත රටේ ඉදිරි වසර 05ක කාලය වෙනුවෙන් නායකයෙකි. ඒ කතිරය මේ රට රියන් හතරක් යට මිහිදන් කරනවා ද නැතිනම් ඔසවා පණ පොවනවා ද යන්න තීරණය කරනු ඇත.
මේ කතිර සහිත අනාගත තීන්දුවේ පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය අයුරුය. කීර්ති ප්‍රනාන්දු විසින් මේ ආවරණය කර ඇත්තේ උඩුගම්පොල ඡන්ද මධ්‍යස්ථානයක සිට මීඅඹේවත්ත ගුරු විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යන අයුරුය.





