ඉන්දියාවෙන් දුන් බිලියනයෙන් යකඩත් ගෙන්වන බව රජය පිළිගනී!

Nalaka Godahewa

ඉන්දියාවෙන් ආහාර සහ ඖෂධ සඳහා ලැබුණු ඩොලර් බිලියනයක ණය යෝජනා ක්‍රමය යටතේ ලැබණු මුදලෙන් විශාල මුදලක් යකඩ ගෙන්වීමට වැය කරන බවට පළවු නිවැරදි නොවන නමුත් එම ණය මුදලෙන් ඩොලර් මිලියන 40ක වැය කොට යකඩ ගෙන්වීමට මේ වනවිට තීරණය වී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී ‘ඉන්දියාවෙන් ලද ආධාර මුදලින් යකඩ සහ වානේ ගෙන ඒමට වැය කරන්නේ ඇයි දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ සංඛ්‍යාවක් කටයුතු කරන බවත් ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය අතර වානේ පෙරමුණේ තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් අපනයනය සඳහා අවශ්‍ය දේ බව ද ඔහු සඳහන් කළේය.


වානේ සම්බන්ධයෙන් වැරදි ප්‍රවෘත්තියක් රටේ ප්‍රචලිත වෙලා තිබ්බා. ප්‍රසිද්ධ පුවත්පතක් ඩොලර් මිලියන 750ක් යකඩ ගෙන්වන්න පාවිච්චි කරනවා කියලත් පළ කරලා තිබ්බා. ඇත්තටම ණය මුදල හම්බවෙද්දී ඒක භාවිතා කරන්නේ මොනවටද කියලා සාකච්ඡාවක් පැවැත්වුණා. එතෙන්දී විවිධ පාර්ශවවල ඉල්ලීමට ගැලපෙන්න අපි මුදල් වෙන් කළා.. මුලින්ම අපි මිලියන 300ක් ආහාරවලට, මිලියන 200 ක් ඖෂධවලට, හා මිලියන 500ක් කර්මාන්ත අමුද්‍රව්‍යවලට වෙන් කළා.

ඒත් ගෑස් හා තෙල් ප්‍රශ්නේ මතුවුණාම මේ මුදල් ප්‍රමාණයන් වෙනස් වුණා. ඩොලර් මිලියන 260 අමුද්‍රව්‍ය සඳහාත් , මිලියන 180 ආහාරසඳහාත් මෙන්ම මිලියන 200 ඖෂධ සඳහාත් තවත් ඩොලර් මිලියන 200ක් තෙල්, මිලියන 160 හෝ ඊට අඩු ප්‍රමාණයක් ගෑස් වෙනුවෙන් වෙන් කළා. මේ සියලු මුදල් අතරින් වානේ වෙනුවෙන් වෙන් වුණේ මිලියන 40ත් විතරයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.

Exit mobile version