බිම්බෝම්බ ඉවත්කළ මුලතිවු ගම්මානවලින් බෝම්බ පිපිරෙන්නේ ඇයි?… රවිහරන් අසයි

Raviharan

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බිම් බෝම්බ ඉවත් කළ බවට තහවුරු කළ මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන වලින් යළිත් බිම් බෝම්බ හමු වී ඒවා පුපුරා යාමෙන් මිනිස් ජීවිතවලට සිදුවන හානි සම්බන්ධයෙන් බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත සංවිධාන හා රජය වගකිව යුතු බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ටී.රවිහරන් පැවසීය.

මුලතිව් ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුවන රවිහරන් හිටපු මන්ත්‍රීවරයා බෝම්බ පිපිරීමකින් තුවාල ලබා මුලතිව් පුදුකුඩීඉරිප්පු රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට මේ බව කියා සිටියේය.

ඔහු කියා සිටියේ ගත වූ වසර දෙකක කාලය ඇතුළතදී මුලතිව් දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ඉවත් කළ ප්‍රදේශ වලින් බිම් බෝම්බ හතක් පිපිරී ගොස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පස් දෙනෙකු තුවාල ලැබූ බවයි.

යුද්ධය අවසන් වූ දා සිට බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත දේශීය හා විදේශීය සංවිධාන මුලතිව් පළාතේ බිම් බෝම්බ ඉවත් කොට ඉඩම් විශාල ප්‍රමණයක් දිසාපතිවරයාට බාර දී ඇත්තේ එම ඉඩම් මුලුමනින්ම බිම් බෝම්බ වලින් තොර ආරක්ෂිත කලාප වශයෙන් නම් කිරීමෙන් පසුව බවද රවිහරන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බිම් බෝම්බ ඉවත් කරන පිරිසගේ එම සහතිකය මත දිසාපතිවරයා විසින් යුද්ධයෙන් විපතට පත් වූ පවුල් යළි පදිංචි කරවීමේ කටයුතු සිදු කිරීමෙන් පසුව මුලතිව් ජනතාව නිරන්තරයෙන් බිම් බෝම්බ වලට ගොදුරු වන්නේ නම් ඊට බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධාන හා රජය වගකිව යුතු බවද ප්‍රකාශ කළේය.

Exit mobile version