ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර සහ උපදෙස් ලබා ගැනීම පිළිබඳව දැඩි අකැමැත්තක් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදේශකයන් සෙවීමේ කටයුත්තට සමබන්ධ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත. එ අනුව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමඟ ඉදිරියේදී පැමිණීමට නියමිත එකඟතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළ තාක්ෂණික උපදෙස් සඳහා මූල්‍ය කටයුතු පිළිබඳව විශේෂඥතාව සහිත ජාත්‍යන්තර නීතීඥ සමාගමක සහය ලබා ගැනීමේ කටයුත්ත ඉහළ පෙලේ කමිටුවකට පවරා ඇති අතර එහි සාමාජිකයකු ලෙස මහ බංකු අධිපපතිවරයාද ඇතළත් කොට තිබේ. එම නීති උපදේශන ආයතනය තෝරා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් වෙත පවරා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කර ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන අප්‍රියෙල් මාසයේදී එම අරමුදලේ වොෂින්ටන් නුවර පිහිටි මධ්‍යස්ථානය වෙත යාමට මේ වනවිට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යංශ අරංචි මාර්ග පවසයි. අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමඟ මෙම ගමන යාමට සූදානම් බව පැවසෙන අතර ඊට අදාළ මූලික කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් පවතින බවද එම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.