බැසිල් ආර්ථික සංවර්ධන ඇමති වූ පසු හිටපු ජනපතිට පරිසර ඇමතිකම…

Maithripala-Basil_

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බැසිල් රාපක්ෂ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ හා ආර්ථික සංවර්ධන කැබිනට් ආමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන අවස්ථාවෙන් අනතුරුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන පෙරමුණට එක්වුණු තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට අමාත්‍ය ධූර ලබාදීමට නියමිත බව පොදුජන පෙරමුණු ආරංචි මාර්ග වාර්තා කරයි.

එහිදී මෛත්‍රීපාල සිරිසේනට පරිසර අමාත්‍ය ධුරය ලබා දෙනු ඇති බවත් එය ලබා දෙන ලෙසට හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවත් එම ආරංචි මාර්ග හෙළි කරයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් සේ නම් දරා සිටින එස්.බී.දිසානායකට ද අමාත්‍ය ධුරයක් හිමිවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතට කොළඹ වරාය නගරය, අයෝජන මණ්ඩලය හා දැනට මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන කීපයක් ද ඇතුළත්වනු ඇති බවට දැගන්නට තිබේ.

Exit mobile version