“බැඳුම්කරේ සල්ලි වගේම අනෙක් වංචාත් ඔප්පු වුණොත් වත්කම් රාජසන්තක කරනවා”

අයවැය අවසන් කතාවේදී මුදල් ඇමති කියයි

බැඳුම්කර වංචාවේ මුදල් රාජසන්තක කළා සේම මැතිසබයේදී සඳහන් වූ තවත් වංචා පිිළිබඳ යෝජනා නීත්‍යනුකූලව ඔප්පු වුවහොත් ඒවා රාජසන්තක කිරීමට තමා කිසිසේත් පසුබට නොවන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අද අයවැය දෙවන වර විවාදය අවසන් වීමෙන් අනතුරුව සිය අවසන් අයවැය කතාව කරමින් මුදල් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් මුදල් ඇමතිවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.


“ඉදිරියේදී විශේෂයෙන්ම මුදල් නීති පනත ආදායම් බදු පනත සහ චක්‍ර ලේඛන උපදෙස් සකස් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපි දැනට මුහුණ දී ඇති අභියෝග අතර විදේශ විනිමය ගැටළු පිළිබඳව අපි ඉදිරිපත් කරපු විසඳුම්වලට අමතරව විපක්ෂයෙනුත් අලුත් යෝජනාවක් ඉදිරිපත් වුණේ නැති වුණත් ඒවා පිළිබඳව තව දුරටත් අවධාරණය කරා. විශේෂයෙන්ම සංචාරක, අපනයනය, විදේශ රැකියා හා ආයෝජන පිළිබඳව සඳහන් කළා. ඒවා ඉදිරියට ශක්තිමත් කිරීම සඳහා දැනට බාධාවක් වෙලා තියෙන අනවශ්‍ය නීති සරල කිරීමටත් ඒ සඳහා දිය හැකි දිරිගැන්වීම් ඉදිරි කාලයේ දී ලබාදීමට අපි කටයුතු කරන බවත් ඒ සඳහා ජනාධිපතිතුමා මෙම කාර්යය සතර සඳහා විශේෂ කාර්ය කාර්ය බලකායක් පත් කරනු ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. වර්ෂාව නිමවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි වගා සංග්‍රාමයක් දියත් කර ඉදිරි මාස දෙක තුන තුළ එළවළු, පලතුරු, බිත්තර, කුකුල් මස් මාළු කරවල ආදී වෙළෙඳපොළේ සුලබ කිරීමට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. කොළඹ තියන සීතල කාමර කාමරවල ඉඳගෙන තීන්දු ගන්නේ නැතිව අපි ගමට මේ කටයුත්ත භාර දීල තියෙන බව සඳහන් කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරු නැගෙනහිරට අයවැයෙන් විශේෂ ව්‍යාපෘතියක් ගැන සදහන් කරලා නෑ කියලා උතුරු නැගෙනහිර නියෝජනය කරන මන්ත්‍රීන් සදහන් කළා. අපි උතුරු නැගෙනහිර කියලා වෙන් කරන්නේ නැහැ මුළු රටම එකක් කියලා අරගෙන තමයි සෑම ගමකටම සියල්ලටම එක විදිහට වෙන්කලේ. සමහර පසුගාමි ප්‍රදේශ තිබුණා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේදී පසුගාමී ග්‍රාම විදියට සලකපු උතුරු-නැගෙනහිර විශේෂිත ව්‍යාපාර සංවර්ධන වැඩපිළිවෙළ දියත් කරපු නිසා තමයි නැගෙනහිර නවෝදය, උතුරු වසන්තය යටතේ රටේ අනිත් ප්‍රදේශ තත්වයට ගේන්න පුළුවන් උනේ. උතුරට නැවත යාල් යාල්දේවිය ගෙනිච්චේ මහින්ද රාජපක්ෂ කාලේ. චම්පික රණවක විදුලිබල ඇමති කාලය චුන්නාකම් දක්වා ලයින් එක ගෙනියලා 365 දවසම විදුලිය දෙන විදියට උතුරටත් විදුලි බලය දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. අපිත් එක්ක ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි අපි සියලු දෙනාටම එක වගේ සලකනවා. සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා. යම් විදියකින් අපි බැඳුම්කර වංචාවේ මුදල් රාජ සන්තක කරා වගේ තව යෝජනා තියනව නම් මෙතන සඳහන් වුණා, ඒවා නීත්‍යානුකූල ඔප්පු වුණොත් මම පසුබට වෙන්නේ නැහැ. ඒවා පවරගන්න සියලුම දේවල් ඔබ පාර්ලිමේන්තුවට එනවා එහිදී අපට ඡන්දෙ දෙන්න අයවැයට අත උස්සන්න එහිදී අපි සියලු දේ ගොඩනගමු.”

Exit mobile version