fbpx
බදාදා, ඔක්තෝබර් 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැක්පැක්ර්ස්ලාගෙන් සූරාකන සීගිරියේ  ශයිලොක්ලා!

editor by editor
මැයි 7, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

ලලංක ජයකොඩි –

ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම 2023 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 161.80 වූයේය.  එය පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 169.90 දක්වා වැඩි වී තිබිණි.

2021 වසරේදී සංචාරකයන් 194,495 මෙරටට පැමිණියහ.  2022 වසරේදී  එය 719,978  දක්වා වැඩි වී තිබුණි. වැඩි වීම ප්‍රතිශතයක් ලෙස 270.2%කි.මෙයින් විනෝදාස්වාදය සඳහා 2021 වසරේදී සංචාරකයන් 157,766 පැමිණ තිබූ අතර 2022 වසරේදී  428,838 පමණ පැමිණ තිබිණි. ඒයද සියයට 171.8කින් වැඩි වීමකි.

2023 වසරේ ජනවාරි මාසය වන විට මෙරටට විදෙස්ෙ සංචාරකයන් 102,545 පැමිණ තිබේ.  පෙබරවාරි මාසයේදී 107,639කුත් මාර්තු මාසයේදී 125,495කුත් ආදී වශයෙන් සංචාරකයන්ගේ පැමිණීම වැඩි වී ඇති අයුරු නිරීක්ෂණය වේ.

RelatedPosts

උසස් පෙළ ජනවාරියට කල් යයි…

මස් සඳහා  ගවයින් සහ ඌරන් ඝාතනය අඩු වෙලා…

විදේශයකින් එක් වෛද්‍යවරයෙක් වත් ගේන්නෙ නෑ… වෛද්‍ය හිඟය මගහැරගන්නා හැටි ඇමති කියයි!

2023 මාර්තු මාසයේ  පැමිණි විදෙස් සංචාරකයන්ගෙන්  55%ක් ඒනම් වැඩි පිරිසක් විනෝදාස්වාදය සඳහා පැමිණි පිරිසය.  ඔවුන් නිසා මෙරටට බොහෝ පිරිසකට ආදායම් මාර්ග ඇති වන බව අපි දනිමු.

මේ දත්ත ගොනු කියන්නේ  කොවිඩ් වසංගතයෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හිස ඔසවමින් පවතින ආකාරයයි. එය සතුටට කරුණකි.

අඩු වියදමික් සංචාරයවල නිරත වන්නන් එනම්  backpackers සංචාරකයන් වැඩි වශයෙන්ම මෙරටට ඇදී ඒන බව රහසක් නොවේ.  ඔවුන් විදෙස් සංචාරක ආයතන හරහා මෙරටට පැමිණෙන්නන් නොවේ.  ඔවුන් තනිව හෝ කුඩා කණ්ඩායම වශයෙන් පැමිණ අඩු වියදමකින් සංචාරය  කරන පිරිසකි. එහෙත් මෙරට සංචාරක කර්මාන්තයට  වැඩිම ආදායමක් ගෙනෙන්නේ ඔවුන්ය. අවාසනාවකට කිසිදු රජයේ හෝ බලධරයන්ගේ මැදිහත්වීමක් නොමැතිව ස්වදේශිකයන්ගේ සූරාකෑමට ලක්වන්නේද ඔවුන්ය.

කටුනායක බණඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලෙන් මෙරටට පා තබන මේ සංචාරකයන් සීගිරියට යන්නට මීගමුවෙන් කුරුණෑගල හෝ කුරුණෑගල පසුකර යන බස්වල නගිති. සීගිරිය යෑමට නම් කුරුණෑගලින්, පොලොන්නරුව, කදුරුවෙල, ත්‍රිකුණාමලය, කොළඹ -අනුරාධපුර යන සියලුම බස් රථවලින් පැමිණ ඉනාමළුවෙන් බැස ගත හැකිය. එතනින් දඹුල්ලේ සිට සීගිරිය දක්වා යන තනි බසයෙන් සීගිරියට ඉතා පහසුවෙන් අඩු වියදමකින් යා හැකිය.

නමුත් වන්නේ එය නෙවේ. සීගිරියට යෑමට කුරුණෑගලින් බසයට නගින විදෙස් සංචාරකයන්ට කොන්දොස්තරලා    කියන්නේ දඹුල්ලෙන් බසින ලෙසය. ඒ ඉනාමළුවට පෙර හමුවන ස්ථානයකි. එහිදී දඹුල්ල – සීගිරිය බසයෙන් සීගිරියට යා හැකි බව සංචාරකයන්ට පවසයි.

නමුත් දඹුල්ලෙන් නොබැස තව කිලෝමීටර් 8 පසුකොට ඉදිරියට ගොස් ඉනාමළුවෙන් බැස්සත් දඹුල්ල සිට පැමිණෙන සීගිරි බසයේ නැග සීගිරියට යා හැකිය. නමුත් කොන්දොස්තරලා   මේ සංචාරකයන් දඹුල්ලෙන් බස්සවති.

ඔවුන් මේ සංචාරකයන් බස්සන්නේ ඔවුන් කැමති බස් නැවතුමකිනි. ඒ සඳහා තෝරාගත් බස් නැවතුම් දෙකක් ඇත. කුරුණෑගල පාරේ (පීසා හට් එක අසල) එක් බස් නැවතුමකුත් ප්‍රධාන බස් නැවතුම වන ත්‍රිකුණාමලය පාරේ නමින් කැකිරාව හෝල්ට් එක යනුවෙන් හඳුන්වන බස් නැවතුම යන බස් නැවතුම් දෙක වේ. මෙකී කැකිරාව හෝල්ට් එකට සීගිරිය බස්,  කොළඹ සිට එන කොලඹ – අනුරාධපුර, ත්‍රිකුණාමලය, මූතූර්, පොලොන්නරුව, හිඟුරක්ගොඩ සියලුම බස් පැමිණේ. එම ස්ථානයේ පෝලිමට මෙම බස් ගාල් කර ඇත.

සීගිරිය බස් ගාල්කර  ඇත්තේ බස් ගාලේ පසුපස කොටසෙහිය. බැලූ බැල්මට සීගිරිය බසයක් පහසුවෙන් සොයා ගැනීමටද නොහැකිය. මේ බස් නැවතුම්වල නවත්වනවාට කොන්දොස්තරලාට ත්‍රිවිලර් රථ රියදුරන්ගෙන් දීමනාවක් ලැබේ.

පෙර කී මෙම බස් නැවතුම් දෙකෙන්ම ත්‍රිවිලර් රථ රියදුරන් ස්වදේශිකයන් සඳහා බොහෝ විට ගමන් පටන්ගන්නේ නැත. පටන් ගනී නම් ඒ දුර අසා දැනගෙන පමණි. කුලී ගමන් සඳහා නන්වා ගන්නේ විදේශිකයින් පමණි.

මේ ස්ථානයට ඌබර්,පික්මී වැනි කුලී රථවලට පැමිණෙන්නට ඉඩ දෙන්නේ නැත. එය එම ස්ථානවල රැඳී සිටින ත්‍රිවිලර් රථ රියදුරන්ගේ මාෆියා රාජ්‍යයකි.

සංචාරයන් සූරා කෑමට ලක් වෙන්නේ මේ ත්‍රීවිලර් රථ රියදුරන්ගෙනි. දඹුල්ලේ සිට සීගිරියට කිලෝ මීටර් 16ක දුරකි. දඹුල්ලේ සිට සීගිරිය දක්වා යෑමටත් ඒමටත්  ත්‍රිවිලර් රථයක සාමාන්‍ය ගාස්තුව රුපියල් 3200කි. විදෙස් සංචාරකයන් තිදනකු නංවාගෙන මෙම ගමන යෑමට ත්‍රිරෝද රථකරුවෝ රුපියල් 5000ක්  10000ක් අතර ගණනක් අය කර ගනිති.

විදෙස් සංචාරකයෙක් සීගිරියට ගොඩවන්නේත් එවැනි සූරාකෑමකට ලක් වෙමිනි. මේ හුදකලා සංචාරකයින්  සීගිරියේදී සූරා කන ඒක ක්‍රමයක් පමණි.

මේ සූරාකෑම්  ගැන බලධාරීහු සියලු දෙනා මුනිවත රකිති.  මේ වනවිට සංචාරකයින්ට එරෙහිව දියත් වී ඇති හොරකම්, කොල්ලකෑම්, අතවර කිරිම් සම්බන්ධව පැමිණිලි වැඩිවෙමින් ඇත. දෛනික එවැනි එකක් හෝ දෙකක් ලංකාවේ පොලිසිවලට වාර්තා වේ. එසේ වාර්තා නොවන සිය  ගණනක සූරාකෑම්, වංචා, මෙම සංචාරක පුද්ගලයන් අත්දකිමින් සිටිති.

සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ යන්නට සිටින රටක් මේ විෂය සම්බන්ධව මීට වඩා වගකීමෙන් කටයුතු කළ බව විශ්වාස කරමු. විනයක් පවත්වාගත නොහැකි තැනක කිසිම ව්‍යාපාරයක් සාර්ථක වන්නේ නැත. සංචාරක ව්‍යාපාරය වැනි ලෝකයේ ප්‍රමිතිගත ව්‍යාපාර එවැනි තැනක කොහෙමත් පැල වෙන්නේ නැත.

බලය රැක ගැනීම වෙනුවේන ඕනෑම කුපාඩි අණ පනතක් ගෙනත් සම්මත කරගත හැකි රටක සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන දැඩි පුරවැසි විනයක් ඇති කළ හැකි නෛතික අණ පනත් සම්මත කරගෙන ශික්ෂිත සංචාරක කර්මාන්තයක් බිහි කරගැනීමේ පුලුල් සමාජ වැඩසටහනක් ක්‍රියාත්මක නොකර  සංචාරක ප්‍රවර්ධනයට බාල් නැටීම්වලින් පළක් නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram


නොපැසුණු සංචාරක ඇමති ඇතුළු සංචාරක ව්‍යාපාරය මෙහෙයවන්නන් මේ ඇත්ත තේරුම් නොගන්නේ නම් සංචාරක ව්‍යාපාරයත් අප ඇස් ඉදිරියේම වැළලී යන ආකාරය අපට දැකගන්නට හැකි වනු ඇත.

Tags: නවතම
Share100Tweet63

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

වැඩි මිලට හාල් වික්කාට ලක්ෂ 5ක දඩ

Next Post

ආනයනික තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 15කින් ඉහළට… පාන් මිල වැඩිකිරිම ගැන තවම තීරණයක් නැතැයි බේකරි හිමියෝ කියති!

RelatedPosts

උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ
පුවත්

උසස් පෙළ ජනවාරියට කල් යයි…

ඔක්තෝබර් 4, 2023
ගම්පහ පමණක් දිනකට කිරි ගවයින් 05ක් පමණ මසට සොරකම් කරනවා… රටේම කිරි ගවයින් 40ක් දිනකට මස් මඩුවට…
පුවත්

මස් සඳහා  ගවයින් සහ ඌරන් ඝාතනය අඩු වෙලා…

ඔක්තෝබර් 4, 2023
පවුල්  වෛද්‍ය විශේෂඥවරු මූලික රෝහල්වලට සම්බන්ධ කිරීමට උත්සාහ කිරිම සෞඛ්‍ය සේවයේ  සිද්ධාන්තමය වැරැද්දක්…
පුවත්

විදේශයකින් එක් වෛද්‍යවරයෙක් වත් ගේන්නෙ නෑ… වෛද්‍ය හිඟය මගහැරගන්නා හැටි ඇමති කියයි!

ඔක්තෝබර් 4, 2023
Next Post
පාන් මිල වැඩිකෙරේ – බේකරි හිමියන්ගේ තීරණයක්

ආනයනික තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 15කින් ඉහළට... පාන් මිල වැඩිකිරිම ගැන තවම තීරණයක් නැතැයි බේකරි හිමියෝ කියති!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Basil-Ranil

    ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    1184 shares
    Share 474 Tweet 296
  • 11 වැනිදා සෞඛ්‍ය ඇමතිගේ බබා පාට් ඉවරයි… ඉතිහාසයේ මුල්ම වරට එදාට වෛද්‍යවරු කොළඹ වටලනවා… GMOA දැනුම් දෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දී හෑල්ලු වුන උපාධි ප්‍රධානෝත්සවය…

    273 shares
    Share 109 Tweet 68
  • වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

    307 shares
    Share 123 Tweet 77
  • ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමග ජනපති කළ ආන්දෝලනාත්මක සාකච්ඡාව සිංහලෙන්…..

    214 shares
    Share 86 Tweet 54
  • අත් හිස කපා ඝාතනය කළ කාන්තවගේ ඝාතකයන් කරන ප්‍රකාශ පරස්පරයි… රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝගයක්!

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ

උසස් පෙළ ජනවාරියට කල් යයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

ගම්පහ පමණක් දිනකට කිරි ගවයින් 05ක් පමණ මසට සොරකම් කරනවා… රටේම කිරි ගවයින් 40ක් දිනකට මස් මඩුවට…

මස් සඳහා  ගවයින් සහ ඌරන් ඝාතනය අඩු වෙලා…

by editor
ඔක්තෝබර් 4, 2023
0

පවුල්  වෛද්‍ය විශේෂඥවරු මූලික රෝහල්වලට සම්බන්ධ කිරීමට උත්සාහ කිරිම සෞඛ්‍ය සේවයේ  සිද්ධාන්තමය වැරැද්දක්…

විදේශයකින් එක් වෛද්‍යවරයෙක් වත් ගේන්නෙ නෑ… වෛද්‍ය හිඟය මගහැරගන්නා හැටි ඇමති කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

kANCHANA-wIJESEKARA

විදුලි බිල වැඩි කිරීමට ඉල්ලුවේ ඇයි. ?. විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවට හේතු කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

නවතම ලිපි

සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

by editor
ඔක්තෝබර් 4, 2023
0

නිවෙස්වල ඇති මුද්‍රා කැඩූ  සියලු ගෑස් සිලින්ඩරත් නැවත කැඳවන්න… අනුර පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි!

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට…

by editor
ඔක්තෝබර් 4, 2023
0

දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු රෝහලට… (  CCTV දර්ශන සහිතයි)

දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු රෝහලට… ( CCTV දර්ශන සහිතයි)

by editor
ඔක්තෝබර් 4, 2023
0

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට එන  රෝගීන් සියයට 40ක් වැඩි වෙලා… ඇතුළත් වීම් සියයට 27කින් වැඩියි..

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට එන රෝගීන් සියයට 40ක් වැඩි වෙලා… ඇතුළත් වීම් සියයට 27කින් වැඩියි..

by editor
ඔක්තෝබර් 4, 2023
0

Pradeep-Nilanga-Dela

සීතාට වෙඩි තිබ්වේ වන අලියෙකු යැයි සිතා නම් වන අලින්ට වනජීවී නිලධාරීන් සලකන හැටි හරිද?… දියවඩන නිලමේ වනජීවි නිලධාරීන්ගෙන් අසයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

දුම්රිය නියාමක සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක …

දුම්රිය නියාමක සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක …

by editor
ඔක්තෝබර් 4, 2023
0

වතු කම්කරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී 21ක් රෝහලේ… 17කට බරපතලයි!

වතු කම්කරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී 21ක් රෝහලේ… 17කට බරපතලයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා ඝාතනය කළ කාන්තවගේ ඝාතකයන් කරන ප්‍රකාශ පරස්පරයි… රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝගයක්!

by editor
ඔක්තෝබර් 4, 2023
0

මුහුදු යන්න වියදම වැඩියි… බහුදින යාත්‍රා විශාල ප්‍රමාණයක් ධීවර වරායවල… සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය කියයි!

මුහුදු යන්න වියදම වැඩියි… බහුදින යාත්‍රා විශාල ප්‍රමාණයක් ධීවර වරායවල… සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

doctor-strike

11 වැනිදා සෞඛ්‍ය ඇමතිගේ බබා පාට් ඉවරයි… ඉතිහාසයේ මුල්ම වරට එදාට වෛද්‍යවරු කොළඹ වටලනවා… GMOA දැනුම් දෙයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

සැප්තැම්බර් 29, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ

උසස් පෙළ ජනවාරියට කල් යයි…

ඔක්තෝබර් 4, 2023
ගම්පහ පමණක් දිනකට කිරි ගවයින් 05ක් පමණ මසට සොරකම් කරනවා… රටේම කිරි ගවයින් 40ක් දිනකට මස් මඩුවට…

මස් සඳහා  ගවයින් සහ ඌරන් ඝාතනය අඩු වෙලා…

ඔක්තෝබර් 4, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • උසස් පෙළ ජනවාරියට කල් යයි…
  • මස් සඳහා  ගවයින් සහ ඌරන් ඝාතනය අඩු වෙලා…
  • විදේශයකින් එක් වෛද්‍යවරයෙක් වත් ගේන්නෙ නෑ… වෛද්‍ය හිඟය මගහැරගන්නා හැටි ඇමති කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.