අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැක්පැක්ර්ස්ලාගෙන් සූරාකන සීගිරියේ  ශයිලොක්ලා!

by editor
මැයි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලංක ජයකොඩි –

ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම 2023 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 161.80 වූයේය.  එය පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 169.90 දක්වා වැඩි වී තිබිණි.

2021 වසරේදී සංචාරකයන් 194,495 මෙරටට පැමිණියහ.  2022 වසරේදී  එය 719,978  දක්වා වැඩි වී තිබුණි. වැඩි වීම ප්‍රතිශතයක් ලෙස 270.2%කි.මෙයින් විනෝදාස්වාදය සඳහා 2021 වසරේදී සංචාරකයන් 157,766 පැමිණ තිබූ අතර 2022 වසරේදී  428,838 පමණ පැමිණ තිබිණි. ඒයද සියයට 171.8කින් වැඩි වීමකි.

2023 වසරේ ජනවාරි මාසය වන විට මෙරටට විදෙස්ෙ සංචාරකයන් 102,545 පැමිණ තිබේ.  පෙබරවාරි මාසයේදී 107,639කුත් මාර්තු මාසයේදී 125,495කුත් ආදී වශයෙන් සංචාරකයන්ගේ පැමිණීම වැඩි වී ඇති අයුරු නිරීක්ෂණය වේ.

2023 මාර්තු මාසයේ  පැමිණි විදෙස් සංචාරකයන්ගෙන්  55%ක් ඒනම් වැඩි පිරිසක් විනෝදාස්වාදය සඳහා පැමිණි පිරිසය.  ඔවුන් නිසා මෙරටට බොහෝ පිරිසකට ආදායම් මාර්ග ඇති වන බව අපි දනිමු.

මේ දත්ත ගොනු කියන්නේ  කොවිඩ් වසංගතයෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හිස ඔසවමින් පවතින ආකාරයයි. එය සතුටට කරුණකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අඩු වියදමික් සංචාරයවල නිරත වන්නන් එනම්  backpackers සංචාරකයන් වැඩි වශයෙන්ම මෙරටට ඇදී ඒන බව රහසක් නොවේ.  ඔවුන් විදෙස් සංචාරක ආයතන හරහා මෙරටට පැමිණෙන්නන් නොවේ.  ඔවුන් තනිව හෝ කුඩා කණ්ඩායම වශයෙන් පැමිණ අඩු වියදමකින් සංචාරය  කරන පිරිසකි. එහෙත් මෙරට සංචාරක කර්මාන්තයට  වැඩිම ආදායමක් ගෙනෙන්නේ ඔවුන්ය. අවාසනාවකට කිසිදු රජයේ හෝ බලධරයන්ගේ මැදිහත්වීමක් නොමැතිව ස්වදේශිකයන්ගේ සූරාකෑමට ලක්වන්නේද ඔවුන්ය.

කටුනායක බණඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලෙන් මෙරටට පා තබන මේ සංචාරකයන් සීගිරියට යන්නට මීගමුවෙන් කුරුණෑගල හෝ කුරුණෑගල පසුකර යන බස්වල නගිති. සීගිරිය යෑමට නම් කුරුණෑගලින්, පොලොන්නරුව, කදුරුවෙල, ත්‍රිකුණාමලය, කොළඹ -අනුරාධපුර යන සියලුම බස් රථවලින් පැමිණ ඉනාමළුවෙන් බැස ගත හැකිය. එතනින් දඹුල්ලේ සිට සීගිරිය දක්වා යන තනි බසයෙන් සීගිරියට ඉතා පහසුවෙන් අඩු වියදමකින් යා හැකිය.

නමුත් වන්නේ එය නෙවේ. සීගිරියට යෑමට කුරුණෑගලින් බසයට නගින විදෙස් සංචාරකයන්ට කොන්දොස්තරලා    කියන්නේ දඹුල්ලෙන් බසින ලෙසය. ඒ ඉනාමළුවට පෙර හමුවන ස්ථානයකි. එහිදී දඹුල්ල – සීගිරිය බසයෙන් සීගිරියට යා හැකි බව සංචාරකයන්ට පවසයි.

නමුත් දඹුල්ලෙන් නොබැස තව කිලෝමීටර් 8 පසුකොට ඉදිරියට ගොස් ඉනාමළුවෙන් බැස්සත් දඹුල්ල සිට පැමිණෙන සීගිරි බසයේ නැග සීගිරියට යා හැකිය. නමුත් කොන්දොස්තරලා   මේ සංචාරකයන් දඹුල්ලෙන් බස්සවති.

ඔවුන් මේ සංචාරකයන් බස්සන්නේ ඔවුන් කැමති බස් නැවතුමකිනි. ඒ සඳහා තෝරාගත් බස් නැවතුම් දෙකක් ඇත. කුරුණෑගල පාරේ (පීසා හට් එක අසල) එක් බස් නැවතුමකුත් ප්‍රධාන බස් නැවතුම වන ත්‍රිකුණාමලය පාරේ නමින් කැකිරාව හෝල්ට් එක යනුවෙන් හඳුන්වන බස් නැවතුම යන බස් නැවතුම් දෙක වේ. මෙකී කැකිරාව හෝල්ට් එකට සීගිරිය බස්,  කොළඹ සිට එන කොලඹ – අනුරාධපුර, ත්‍රිකුණාමලය, මූතූර්, පොලොන්නරුව, හිඟුරක්ගොඩ සියලුම බස් පැමිණේ. එම ස්ථානයේ පෝලිමට මෙම බස් ගාල් කර ඇත.

සීගිරිය බස් ගාල්කර  ඇත්තේ බස් ගාලේ පසුපස කොටසෙහිය. බැලූ බැල්මට සීගිරිය බසයක් පහසුවෙන් සොයා ගැනීමටද නොහැකිය. මේ බස් නැවතුම්වල නවත්වනවාට කොන්දොස්තරලාට ත්‍රිවිලර් රථ රියදුරන්ගෙන් දීමනාවක් ලැබේ.

පෙර කී මෙම බස් නැවතුම් දෙකෙන්ම ත්‍රිවිලර් රථ රියදුරන් ස්වදේශිකයන් සඳහා බොහෝ විට ගමන් පටන්ගන්නේ නැත. පටන් ගනී නම් ඒ දුර අසා දැනගෙන පමණි. කුලී ගමන් සඳහා නන්වා ගන්නේ විදේශිකයින් පමණි.

මේ ස්ථානයට ඌබර්,පික්මී වැනි කුලී රථවලට පැමිණෙන්නට ඉඩ දෙන්නේ නැත. එය එම ස්ථානවල රැඳී සිටින ත්‍රිවිලර් රථ රියදුරන්ගේ මාෆියා රාජ්‍යයකි.

සංචාරයන් සූරා කෑමට ලක් වෙන්නේ මේ ත්‍රීවිලර් රථ රියදුරන්ගෙනි. දඹුල්ලේ සිට සීගිරියට කිලෝ මීටර් 16ක දුරකි. දඹුල්ලේ සිට සීගිරිය දක්වා යෑමටත් ඒමටත්  ත්‍රිවිලර් රථයක සාමාන්‍ය ගාස්තුව රුපියල් 3200කි. විදෙස් සංචාරකයන් තිදනකු නංවාගෙන මෙම ගමන යෑමට ත්‍රිරෝද රථකරුවෝ රුපියල් 5000ක්  10000ක් අතර ගණනක් අය කර ගනිති.

විදෙස් සංචාරකයෙක් සීගිරියට ගොඩවන්නේත් එවැනි සූරාකෑමකට ලක් වෙමිනි. මේ හුදකලා සංචාරකයින්  සීගිරියේදී සූරා කන ඒක ක්‍රමයක් පමණි.

මේ සූරාකෑම්  ගැන බලධාරීහු සියලු දෙනා මුනිවත රකිති.  මේ වනවිට සංචාරකයින්ට එරෙහිව දියත් වී ඇති හොරකම්, කොල්ලකෑම්, අතවර කිරිම් සම්බන්ධව පැමිණිලි වැඩිවෙමින් ඇත. දෛනික එවැනි එකක් හෝ දෙකක් ලංකාවේ පොලිසිවලට වාර්තා වේ. එසේ වාර්තා නොවන සිය  ගණනක සූරාකෑම්, වංචා, මෙම සංචාරක පුද්ගලයන් අත්දකිමින් සිටිති.

සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ යන්නට සිටින රටක් මේ විෂය සම්බන්ධව මීට වඩා වගකීමෙන් කටයුතු කළ බව විශ්වාස කරමු. විනයක් පවත්වාගත නොහැකි තැනක කිසිම ව්‍යාපාරයක් සාර්ථක වන්නේ නැත. සංචාරක ව්‍යාපාරය වැනි ලෝකයේ ප්‍රමිතිගත ව්‍යාපාර එවැනි තැනක කොහෙමත් පැල වෙන්නේ නැත.

බලය රැක ගැනීම වෙනුවේන ඕනෑම කුපාඩි අණ පනතක් ගෙනත් සම්මත කරගත හැකි රටක සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන දැඩි පුරවැසි විනයක් ඇති කළ හැකි නෛතික අණ පනත් සම්මත කරගෙන ශික්ෂිත සංචාරක කර්මාන්තයක් බිහි කරගැනීමේ පුලුල් සමාජ වැඩසටහනක් ක්‍රියාත්මක නොකර  සංචාරක ප්‍රවර්ධනයට බාල් නැටීම්වලින් පළක් නැත.

නොපැසුණු සංචාරක ඇමති ඇතුළු සංචාරක ව්‍යාපාරය මෙහෙයවන්නන් මේ ඇත්ත තේරුම් නොගන්නේ නම් සංචාරක ව්‍යාපාරයත් අප ඇස් ඉදිරියේම වැළලී යන ආකාරය අපට දැකගන්නට හැකි වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩි මිලට හාල් වික්කාට ලක්ෂ 5ක දඩ

Next Post

ආනයනික තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 15කින් ඉහළට… පාන් මිල වැඩිකිරිම ගැන තවම තීරණයක් නැතැයි බේකරි හිමියෝ කියති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.