බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් වෛරසය ගාල්ලේ සහ කළුතර ප්‍රදේශවලින්ද හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තීකරණ සහ ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.
මෙම වෛරසය මුලින්ම බොරලැස්ගමුව, කොළඹ හා කුරුණෑගල ප්රදේශයන්ගේ ආසාදිතයින්ගෙන් ලබා ගත් නියධියන් පරික්ෂා කිරීමෙන් අනතුරුව සොයා ගත්බවත් ඉන් අනතුරුව දිවයිනේ සෑම ප්‍රදේශයකම ආසාදිතයින්ගෙන් ලබාගත් නියදියන් පරික්ෂා කිරීමේදී හඳුනා ගැනීමට හැකිව ඇත්තේ බ්‍රිතාන්‍යයේ පැතිර යන වයිරස් ප්‍රභේදයම බව ඔහු පැවසීය.
පරික්ෂණ කටයුතු නොකඩවා සිදුකරන බවත් රටතුල කොවිඩ් වෛරසයේ තවත්ප්රභේදයන් පැතිර යන්නේද පිලිබඳව තවදුරටත් පරික්ෂණ පවත්වන බවද හෙතෙම පැවසීය.
කෙසේ නමුත් පරික්ෂණාගාරයේ සාමාන්‍යයෙන් දිනකට සිදුකරන පරික්ෂණ සංඛ්‍යාව වනුයේ නියැදි 800ක් වුවද ඊයේ (28) දිනය තුළදී නියැදි 4000ක ප්‍රමාණයක් සිදුකළ බවය.