දිනසේන රතුගමගේ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ සක්වල වැඩ සටහනේ 45 වෙනි අදියරය යටතේ කිළිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය වෙත බස් රථයක් පිරිනැමීම ඊයේ ( 20 ) සිදු කෙරුණි.

කිළිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී මෙම බස් රථය පරිත්‍යාග කෙරුණු අතර එම අවස්ථාවට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ආනන්දසංගරී සහ තවත් දේශපාලනඥයින් කීප දෙනෙකුද මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුලු තවත් අධ්‍යධාපන නිලධාරීන් කීප දෙනෙකුද මහජනතාවද එක්ව සිටියහ.







