බස්නාහිර හුදකලා කර රටටම සංචරණ සීමා දාන්න… පී.එච්.අයි.ලා යළිත් ඉල්ලති.

නැතිනම් මෙතෙක් නුදුටු ප්‍රතිඵල ඉදිරියේ දී දැකගන්න ලැබේවි...

නතාෂා නෙත්මිණි                                                                                                      

බස්නාහිර පළාත හුදකලා නොකර අනෙකුත් සීමාවන් සදහා සංචරන සීමා පැනවීමට කටයුතු නොකළහොත් කොරෝනා වෛසරයේ මෙතෙක්  නොවූ අයුරින් පැතිරයාමක් දැක ගැනීමට හැකිවනු ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමය අනතුරු අගවා සිටියි‍.

මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන්නැයි සංගමය සෞඛ්‍ය බලධාරින්ට නිතර නිතර කරුණු පැහැදිලි කළ ද යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බව සංගමයේ සභාපති උපුල් රෝහණ  සඳහන් කරයි‍.

එළඹෙන උත්සව සමය තුළ පුද්ගලයින්ගේ හැසිරීම මත වෛරසයේ  ව්‍යාප්තිය අඩුවැඩි විය හැකි නමුත් දැනට පවතින දත්තයන්ගෙන් පෙනී යන්නේ මිනිසුන් සෞඛ්‍ය නීතිරීති අනුගමනය නොකර කටයුතු කිරිමට  හේතුවෙන් වෛරසයේ සීඝ්‍ර පැතිර යාම ආරම්භ වී ඇති බව යැයි ඔහු පෙන්වාදේ. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශීය සංචාරකයින් මෙරටට පැමිණීමේදී  අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත කුමක්ද යන්න පිළිබඳ තම සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට අදහස් ඉදිරිපත් කළ නමුත් ඒ සඳහා මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද හෙතෙම සඳහන් කළේය.

 

 

Exit mobile version