තුෂාරී කළුබෝවිල –
දිවයිනට ගිණිකොණ දෙසින් පහළ වායුගෝලයේ යළිත් කැළඹිලි තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් ඉදිරි දිනවල බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයන් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු හා නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති වේ.
ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලත් වැසි සමග අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් ආරක්ෂාකාරී වියයුතු බව අවධාරණය කෙරේ.