පාකිස්ථානයේ බලුකිස්ථානයේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව එල්ලවූ දරුණු ප්රහාරයන්ට එරෙහිව බලුකිස්ථාන නීතිඥ සංගමය සිය බලවත් විරෝධය පළකර ඇත.
බලුකිස්ථානයේ සිදුවුන බලහත්කාරයෙන් පැහැරගැනීම් සහ ඇතිව තිබෙන අනතුරුදායක තත්ත්වයට එරෙහිව ජනතාව සාමකාමීව විරෝධය පළ කළ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් හට පසුගියදා ඉතා අමුනුෂික අන්දමින් පහරදී තිබේ.
මෙහිදී පොලිසය විසින් මුගුරු යොදාගෙන පහරදීම සිදුකර ඇති අතර එහිදී කාන්තාවන් සහ ළමුන් හටද දරුණු ලෙස පහරදී ඇති බවට පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.
බලුකිස්ථානයේ වෙසෙන ඉරාන සම්භයක් ඇති බලොච් ජාතිකයින් හට පසුගිය කාලයපුරාම දැඩි අඩත්තේට්ටම් සිදුවීම් වාර්තා විය. එහිදී බොහොමයක් බලොච් ජාතික තරුණයින් පසුගිය කාලයේදී බලහත්කාරයෙන් පැහැර ගැනීම් වාර්තාවිය.
මෙහිදී පැහැරගත් ඇතැම් තරුණයින් ඝාතනය කර තිබූ අතර තවත් පිරිසක් සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් වාර්තා නොවේ. ඒ අනුව මෙලෙස අගතියට පත්වූවන්ගේ පවුල් වල සාමාජිකයින් විසින් තමන් සාධාරණයක් ඉල්ලා පසුගියදා සාමකාමී විරෝධතාවයක් පවත්වා ඇත. එහිදී ඊට පොලිසිය විසින් කඩා වැදී විරෝධතා කරුවන්ට පහරදී තිබේ.
මෙහිදී නීතිඥ සංගමය විසින් මෙම අතුරුදන් වීම් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටද පෙන්වා දී ඇත. එහිදී පොලිසිය විසින් තරුණයෙකු අත් අඩංගුවට ගන්නේ නම් එම තැනැත්තා අධිකරණයට යොමු කළයුතු බවත් එමගින් නිතීයට අනුකූලව පියවර ගත යුතු බවද එම සංගමය විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇති බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.