බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලාපොරොත්තු හීන කණ්ඩායම් දෙකක බලාපොරොත්තුවේ ගැටුම!

by editor
ජූනි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවධානය දිනාගන්නා ආරම්භක තරගයක් අද (03) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන්නේය. කණ්ඩායම් දෙකම ලෝක කුසලානය ආරම්භ කරන්නේ මේ තරගයෙනි.

අන්තර්ජාතික ක්‍රිකට් විශ්ලේෂකයින්ට අනුව මෙම කණ්ඩායම් දෙකම ලෝක කුසලානය වෙනුවෙන් තරග බිමට පැමිණ ඇත්තේ වැඩිමනත් බලාපොරොත්තු උපදවමින් නොවේ. 2023 ආරම්භයේ සිට දකුණු අප්‍රිකාව ඔවුන් ක්‍රීඩා කර ඇති සම්පූර්ණ විස්සයි20 අන්තර්ජාතික තරග ප්‍රමාණය තරග 11කි. ඉන් 9 ක්ම පරාජයට පත්ව ඇත. මෑතකදී ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් 3-0 ක් ලෙස පරාජය කරන ලදී.

මීට වසර දහයකට පෙර විස්සයි20 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාව, ඊට පෙර වසර ගණනාවක් ලෝකයේ හොඳම විස්සයි20 කණ්ඩායමක්ව සිටියේය. එහෙත් ඒ ලෝක ශූරතාවෙන් පසු එළඹෙන දස වසරක අතීතය පුරා ශ්‍රී ලං ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට ලංවීමට හෝ හැකියාවක් ලැබී නැත.

එහෙත් ශ්‍රී ලංකාව ඔවුන්ගේ අවසන් අන්තර්ජාතික විස්සයි 20 තරඟ තුනම පිට පිටම ජයග්‍රහණය කර තිබේ. එම ජයග්‍රහණ ලබාගෙන ඇත්තේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගෙන නැති   සිම්බාබ්වේ කණ්ඩායමට සහ රෂීඩ් ඛාන් රහිත ඇෆ්ගනිස්තානයටත්  , ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු රහිතව ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමටත් එරෙහිවයි.

මේ තත්ත්වය තුළ මේ තරගාවලියේ විශාල පෙරළියක් කිරීමේ මහා බලාපොරොත්තු රහිතව පැමිණීම සාධාරණය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

නමුත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ සලකා බැලිය යුතු සමහර විශේෂත්වයන් මේ කණ්ඩායම් දෙකම සතුව තිබේ – හෙන්රිච් ක්ලාසන් IPL තරඟාවලියේදී ලකුණු 171ක ප්‍රහාරක වේගයක් සහිතව සිටි ක්‍රීඩකයෙකි. ඔහු ලකුණු 479ක් රැස්කළ අතර, මතීෂ පතිරණ එම තරඟයේදීම 7.68ක ලකුණු ලබා දීමේ සාමාන්‍යයක් මත කඩුලු 13ක් දවා ගත්තේය. නමුත් ඔවුන් සිය ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමේ දී ස්වකීය පිතිකරණ හෝ පන්දු යැවීමේ ශඛ්‍යතා මේ තරම් විචිත්‍ර ලෙස පෙන්වා තිබේ දැයි සැකයකි.

ශ්‍රී ලංකාව තමන්ගේ පන්දු යැවීමේ බලඇණිය ගැන යම් විශ්වාසයකින් පසුවෙයි. මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක සහ දුෂ්මන්ත චමීර, ශ්‍රී ලංකාව සතුව සිටින පැයට කිලෝමීටර් 145ක වේගයක් ඉක්මවිය හැකි වේග පන්දු යවන්නන්ය. නුවන් තුෂාරගේ අවසන් විස්සයි20 තරගයේ දී ලකුණු 20ට කඩුලු 5ක් දවා ගත්තේය..

තවද ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් වන මහේෂ් තීක්ෂණ සහ නායක වනිඳු හසරංග තරග වෙනස් කළ හැකි දක්ෂයන්ය.

ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ප්‍රහාර එල්ල කරන පිතිකරුවන්ගේ අඩුවක් තිබේ. ඒ අංශයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඔවුන්ව ආවරණය කර ඇති අයුරු අන්තර්ජාතික විචාරකයෝ පෙන්වා දෙති. පසුගිය වසරවල ඔවුන්ගේ ඉදිරිපෙළ පිතිකරුවන්වන ක්වින්ටන් ඩි කොක්, ඒඩන් මාර්ක්‍රම්, සහ හෙන්ඩ්‍රික් ක්ලාසන් වැනි පිතිකරුවන්ට ශ්‍රි ලංකා පන්දු යවන බලඇණියට හිසරදයක් වීමට ඉඩ තිබේ.

වනිදු හසරංග

වනිඳු හසරංග යනු තවදුරටත් දක්ෂ ලෙස පන්දු රකිමින් තරමක් පිතිකරණයේ යෙදෙන පන්දු යවන්නෙකු පමණක් නොවේ. අවම වශයෙන් ඔහු ක්‍රීඩා ලෝලීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ එයයි. වරක් දැඩි ලෙස පිටියෙන් පිටතට පහර එල්ල කරන පිතිකරුවෙකු වූ හසරංග ඔහුගේ පා දඟපන්දුව ශක්තිමත් කරගෙන තිබේ. ඔහු සහ ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන දෙය බවට පත්ව ඇත්තේ හසරංග අව්‍යාජ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වීමය.

එම දුර්ලභ ක්‍රීඩකයා පිතිකරණය හෝ පන්දු යැවීම මත පමණක් කණ්ඩායමක් ස්ථාවර බවට පත් කරයි. පසුගිය වසරේ පැවති සමස්ත එක්දින ලෝක කුසලාන තරඟාවලියෙන් මෙන්ම IPL තරඟාවලියෙන්ද ඔහුව ඉවත් කිරීමට හේතු වූ ආබාධ හේතුවෙන් ඔහුට මෙම එළිදැක්වීමට අවස්ථාව ලැබුනේ නැත. අද ඉන්නේ වර්ෂ 2022 දි විස්සයි 20 ලෝක කුසලානය දක්වා සිටි ක්‍රීඩකයා නොවන බව වටහා ගත යුතුය.

කගිසෝ රබාඩා

මේ වන විට ලෝකයේ බොහෝ ක්‍රීඩකයින් නුහුරු නුපුරුදු සියලුම ආකාරයේ පීඩනයකට කගිසෝ රබාඩා පුරුදු වී සිටී. මෙවර, ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සිටින එකම කළු අප්‍රිකානු ක්‍රීඩකයා ය. එය විශාල ගනුදෙනුවක් වන නමුත් ඔහු නිසැකවම ඔහුගේ ඉදිරි ගමනේ යෙදෙනු ඇතැයි ක්‍රීඩා ලෝලීහු විශ්වාස කරති. නමුත් ඔහුට පන්දු යැවීමේ විශේෂතා කිහිපයක් නැවත සොයා ගැනීමටද සිදුවී ඇත. මේ වසරේ පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් ඔහුගේ අවසන් තරග පහේදී ඔහු කඩුලු දෙකක් දවා ගත්තේය. IPL තරගාවලිය අතර දී ආබාධයක් හේතුවෙන් ඔහුට ඉක්මනින් තරඟයෙන් ඉවත්වීමට සිදුවිය.

තණතීරුව  

සෙල්සියස් අංශක 20 මධ්‍යයේ ඉහළ අගයන් සහිත කාලගුණයක් නිව්යෝක් නුවර පවතී. කිසිදු වර්ෂාපතන බාධාවක් පිළිබඳ අනාවැකි නොමැත. ඩ්‍රොප්-ඉන් තණතීරුවේ, දඟ පන්දු යවන්නන් සඳහා උචිත විය හැකිය. පන්දුව වේගයෙන් ඇදී නොයන පිටිය පන්දු රකින්නන් කිමිදෙමින් පන්දු රැකීමට උනන්දු වන පිටියක් සේ පෙනෙනු ඇත.

විශේෂ පුවත්

මතීෂ පතිරණට මස්පිඩු ආබාධයක් තිබිණි. නමුත් අයර්ලන්තයට එරෙහි පුහුණු තරගයේ දී ඔහු පන්දු ඕවර තුනක් යැව්වේය. දකුණු අප්‍රිකානු කණ්ඩාමට එරෙහි අද තරගයට ඔහු ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිතය.

පහළ පාදයේ මෘදු පටක ආසාදනයක් නිසා IPL තරගාවලියෙන් ඉක්මනින්ම ඉවත් වූ කගිසෝ රබාඩා දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ලෝක කුසලාන ආරම්භක තරගයට සහභාගි වීමට සුදානම්ව ඇත.

අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම

1පැතුම් නිශ්ශංක
2 කුසල් මෙන්ඩිස්
3කමිඳු මෙන්ඩිස්
4 සධීර සමරවික්‍රම
5 චරිත් අසලංක
6 ඈන්ජලෝ මැතිව්ස්
7 වනිඳු හසරංග
8 දසුන් ශානක
9 මහේෂ් තීක්ෂණ/ඩිල්ෂාන් මධුශන්ක
10 දුෂ්මන්ත චමීර
11 මතීෂ පතිරණ

දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කළ හැකි කණ්ඩායම

1 ක්වින්ටන් ඩි කොක්
2 රීසා හෙන්ඩ්‍රික්ස්
3 ඒඩන් මර්ක්‍රම්
4 හෙන්රිච් ක්ලාසන්
5ඩේවිඩ් මිලර්
6 ට්‍රිස්ටන් ස්ටබ්ස්
7 මාර්කෝ ජෙන්සන්.
8 කේශේව් මහරාජ්
9 බ්ජොන් ෆෝටුන්
10 කිගාසෝ රබාඩා/ඇන්රිච් නොර්ට්පේ
11ඔට්නෙයිල් බාට්මන් – ( cricinfo  වෙබ් අඩවියෙනි )

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නව රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේදී වෛද්‍ය චමල් සංජීවගේ සහ වෛද්‍ය ජයරුවන්ගේ නම් හළලා!

Next Post

මුල්ලේරියාව සහ IDH රෝහල වෙනත් ස්ථාන‍යකට ගෙන යාමට ජනපතිගෙන් උපදෙස්… කැලණි ගං මිටියාවතේ සියලුම නව ඉදිකරීම් තහනම්… අනවස ඉදිකිරීම් ඉවතට..

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.