බල්ලන් පූසන් කොවිඩ් වාහකයන් නොකරන්න… පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයෙන් නිවේදනයක්…

කොවිඩ් 19 වෛරසය මිනිසාගෙන් සතුන්ට බෝ වීමේ තත්වයක් පවතින බැවින් කොවිඩ් ආසාදිතව සිටින පුද්ගලයින්  සතුන්ගෙන් ඈත් වී සිටීම අතිශය වැදගත් බව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය නිවේදනය කරයි.

එසේම යම් හෙයකින් කොවිඩ් ආසාදිත ප්‍රදේශවල වෙසෙන ගෘහස්ථ සතුන් වන බල්ලන් හා පූසන් ශ්වසනට ආබාධ ඇතැයි සැකයක් පවතී නම් ඒ පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන ලෙසත්  ලඟම ඇති පශු වෛද්‍ය කාර්යාලයට දැන්වීමට කටයුතු කරන ලෙසත් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය ඉල්ලා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝකයේ කළ පර්යේෂණවලින් වැඩි වශයෙන්ම කොවිඩ් ආසාදනය වීමේ අවදානම ඇත්තේ බළල් පවුලේ සතුන්ට බවත් හරකා ද ලංකාව තුළ වැඩි කොවිඩ් අවදානමට ලක්ව සිටින සතෙක් බවත්   ඔවුන් සඳහන් කරයි.


Exit mobile version