බලය රැක ගැනීම පමණක් නොසිතන්න ! රට ගොඩ නැගීම ගැන පමණක් සිතන්න

ලිබරල් තරුණ ව්‍යාපාරය නව ජනපතිගෙන් ඉල්ලයි

. ආර්ථික හා දේශපාලනික අර්බුද රැසක් පවතින මේ මොහොතේ, ඒ සියලු අර්බුද වෙනුවෙන් දේශපාලනික කුලල් කා ගැනීමකින් තොරව, බලය රැක ගැනීම ගැනම පමණක් නොසිතා, මේ ජාතික අර්බුදයෙන් රට ගොඩ නැගීම ම පමණක් සිතා නව ජනපති රනිල් වික්‍රමසිංහ  කටයුතු කරනු ඇතැයි අපෙක්ෂා කරන්නේ යයි ලිබරල් තරුණ ව්‍යපාරය පවසයි. =

නිවේදනයක්ලි නිකුත්බ කරමින් ලිබරල්  තරුණ ව්‍යාපාරය රනිල් වික්‍රමසිංහ නව ජනපති වරයාගෙන් ඉල්ලා සිටින්නේ මූලික ලිබරල් වටිනාකම් වන නිදහස, නීතියේ ආධිපත්‍ය, සාමය, ඉවසීම, සෑම පුද්ගලයකුටම සමානව ගරුකරන සහ පුළුල් මානව හිමිකම් තහවුරු කරන නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමෙහිලා කැපවන ලෙසයි. රටේ සමස්ථ පුරවැසියන් ඉල්ලා සිටින ‘ක්‍රමවේදයේ වෙනස’ යථාර්ථයක් බවට පත්කරගත හැකි වනුයේ ඉහත කී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් තහවුරු කිරීමෙන් පමණක් බව එම ව්‍යාපාරය පවසයි.

ඔවුන් විසින් එවන ලද නිවේදනයේ මෙසේද සඳහන් වේ.


“ඉහත කී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් මත පදනම් වෙමින් සර්වපාක්ෂික සම්මුතියකින් යුක්ත පොදු දේශපාලනික වැඩපිළිවෙළක්, ජාතික න්‍යාය පත්‍රයක් ඉදිරි අවුරුදු දෙක හමාරක කාලය තුල ඔහු විසින් ගොඩනගනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. එහිදී පටු දේශපාලනික අරමුණු මුදුන් පත් කරගන්නවා වෙනුවට, රටේ ජනතාවගේ ප්‍රශ්න, පීඩනය සහ ඒවා සියල්ල විසඳමින් ඔවුන්ගේ අනාගතය මීට වඩා යහපත් කරලීම ඔහුගේ අරමුණ විය යුතු බව අප තරයේ සිහිපත් කරන්නෙමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් කල් නඩත්තු කරමින් පැවත ආ දූෂණය වංචාව අක්‍රමිකතා වලට තිත තබමින් මූල්‍ය විනයක් ඇති කරලමින්, මේ සියලු අර්බුද වලට විසඳුම් සොයන මාවතක් සියලු බලවේග එකතු කරගනිමින් ඔහු විසින් නිර්මාණය කරනු ඇතැයි අපි අවධානයෙන් යුතුව බලා සිටින්නෙමු.“

Exit mobile version