බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බයික් හොරෙක් කියා  අහිංසකයකු එල්ලූ පොලිසියේ දෙන්නාට ලක්ෂ 10ක්  ගෙවන්න වෙයි!

by editor
ඔක්තෝබර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යතුරුපැදියක් සොරකම් කිරීමේ චෝදනාවකට වරදවා  අත්අඩංගුවට ගත් පුද්ගලයකුට වධ හිංසා පැමිණවීමෙන් සිදුවූ තුවාලවලට වන්දි වශයෙන් රුපියල් දස ලක්ෂයක   ගෙවන ලෙස අනුරාධපුර පරිවාර අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්  නියෝග කරනු ලැබ  ඇත.

විනිසුරු විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ එස් තුරේයිරාජා   විසින්  ලබා දුන් මෙම තීන්දුව  ප්‍රකාශයට පත් කළ    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා සෑම පුද්ගලයෙකුටම ගෞරවයෙන් සැලකීමට පොලිස් නිලධාරීන් බැඳී සිටින බවත්   මහජනතාව සමඟ කටයුතු කිරීමේ දී පොලිස් නිලධාරීන් සෑම විටම පොදු ආචාරශීලී බවින්   කටයුතු කිරීම  බලාපොරොත්තුවන බවත් ප්‍රකාශ කළ බව ඩේලි මිරර් පුවත්පතට ලක්මාල් සූරියගොඩ වාර්තා කරයි. .

නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම යන රාජකාරීන්හි නියුතු පොලිස් නිලධාරින්ට මෙම අයිතිවාසිකම්වලට ගරු කිරීම, ආරක්‍ෂා කිරීම හා ඉදිරියට ගෙන යාම සඳහා ඉහළම වගකීමක් පැවරී ඇති බව ද  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙසේ තහවුරු කර ඇති බවද එම පුවත් වාර්තාව තවදුරටත් දක්වයි.

මෙම වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් චෝදනා ලද  පොලිස් සැරයන් විජේසිංහ සහ කොස්තාපල් වන්නිනායක සම්බන්ධයෙන් වධහිංසාවට එරෙහි සම්මුතියේ 2(4) වගන්තිය සහ 1994 අංක 22 දරන කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම් පනත උල්ලංඝනය යටතේ  අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබු හෙයින් මෙම සිදුවීම මඟින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමට රජය වගකිව යුතු නැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුවේ සඳහන් කර ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම තීන්දුවට මුල් වූ අගතියට පත් පෙත්සම්කරුවන්නේ මිහින්තලේ පදිංචි ගුරුසිංහ සෙනවිරත්නගේ තරිඳු ප්‍රියන් අකලංක ය.

2017 සැප්තැම්බර් මස 20 වන දින අනුරාධපුර, සංචාරක අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු යතුරු පැදි සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින හතරක් පොලිස් අත්අඩංගුවේ තබාගෙන  ඇති අතර  එම කාලය තුළ තමාට වධහිංසා පැමිණවීම, මාංචු දැමීම, තේක්ක ගසක ලණුවකින් එල්ලීම, පහරදීම වැනි අමානුෂික සැලකිලිවලට ලක්වූ බව පෙත්සම්කරු පවසයි.

අනුරාධපුර පරිවාර අපරාධ විමර්ශන ඒකකය මගින් පෙත්සම්කරු මුදා හැරීමෙන් පසු පෙත්සම්කරු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පෙත්සම්කරු ප්‍රතිකාර ලබා දින 12 කට පසු පිටව ගොස් ඇත. සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් නියම සැකකරු පසුව අත්අඩංගුවට ගෙන ඇත.

ඉහත සඳහන් සිද්ධියට පටහැනිව වගඋත්තරකරුවන් ඉදිරිපත් කරන්නේ පෙත්සම්කරු අරගල කර පලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බවත්,  එහිදී පෙත්සම්කරුට තුවාල සිදු වූ බවත් ඔහු  වැටකින් පැනීමට උත්සාහ කළ බවත්ය.

විනිසුරු තුරෙයිරාජා ප්‍රකාශ කළේ අධිකරණයට ඉදිරිපත් කරන ලද ස්නායු කායික විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද MLR වාර්තාව සහ අනෙක් වෛද්‍ය වාර්තා මගින් මෙම කාරණය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය නොව පෙත්සම්කරුගේ ස්ථාවරය තහවුරු කිරීමට සහය දක්වන බව තමාගේ අදහස බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිලිත්ගේ අරුණට විරුද්ධව ජනපති ලේකම් පී.බී. පොලිසි යයි…

Next Post

මේ රටේ ජනතාව මා පත් කළේ හාල්වල පරිප්පුවල මිල ගණන් බලන්න නෙමෙයි… ජනපති කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.