ඒ 4ක් ගත් ඇමති ගෝලයා රැකගන්න බවට ඇමති ගුරාගෙන් සහතිකයක්

bandula gunawardena

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඕනෑම පාර්ලිමේන්තුවක සිටිය යුතු දක්ෂ තරුණ දේශපාලකයකු බවත් ඔහු තමන්ගේ ශිෂ්‍යයකු වන අතර උසස් පෙළ විභාගයේ ඒ සාමාර්ථ හතරක් ලබාගෙන වානිජ සහ ගණකාධිකරණ අංශයෙන් ඉහළම ලකුණු ලබා තැබූ වාර්තාව තවමත් කිසිවකුත් බිඳ නොමැති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි පැවසීය. එසේම ඇමතිවරයකු විශ්වාස භංගයේදි තනි කරන පුරුද්දක් තම රජයට නොමැති බවත් ඔහු ට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාස භංගය පරාජය කරන බවත් ගුණවර්ධන අමාත්‍යවරයා අවධාරණය කළේය.

අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පසුගිය රජය සමයේ ලෝක වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිල අඩුවීම මත 2014 වසරට සාපේක්ෂව 2016 වසර වනවිට සියයට 56ක තරම් මිල වාසියක් වුවද එවැනි පසුබිමකට සාපේකෂව ජනතාවට සහන ලබා දී නොමැති බවත් පැවසීය. ඒ අනුව 2015, 2016 සහ 2017 කාල සීමාව තුළ පසුගිය රජය ඛනිජ තෙල් මඟින් ඩොලර් බිලියන 5.3ක ලාබයක් උපයා ගත් බවත් පෙන්වා දුන්නේය.

එහෙත් මේ මුදලින් කළ දෙයක් නැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
පසුගියදා කළ ඉන්ධන මිල වැඩි කිරීම පවතින ආර්ථික අබියෝග මැද නොකර බැරි දෙයක් බවට පත් වූ බවත් ඒ අනුව කටයුතු කරන්නට රජයට සිදුවූ බවත් එය සිදු කළේ උදය ගම්මන්පිල මහතා නොව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම තමන්ද ඇතුළු ජීවන වියදම් අනු කමිටුවේ පූර්ණ දනුවක් භාවය මත බව හෙතෙම අවධාරණය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“රජය අද දැවැන්ත අභියෝග කිහියක් මැද සිටිනවා. 2020 වසරේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 1216ක් එදිනෙදා වියදම් රාජ්‍ය සේවක වැටුප් හා වේතන සඳහා එයින් බිලියන 1051ක් වැය වෙලා. මුළු රටෙන්ම බදු අය කරල වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙව්වාම ඉතිරි වෙන්නේ බිලියන 165යි. ඒකෙන් කොටහාමද ඉතිරි කටයුතු සියල්ල කරන්නේ ? කොහොමද සමෘද්ධිගෙවන්නේ? 77න් පස්සේ ආපු හැම ආණ්ඩුවක්ම තම ආදායමට වඩා වියදම් කළා පිටින් ණය ගත්තා. රාජ්‍ය ණය ගෙවන්න 2020 බිලියන 980ක් ඕන. බිලියන 818ක් පොලි ගෙවන්න මදි.“ යයිද අමාතයවරයා තවදුරටත් පැවසීය.

Exit mobile version