රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී ගිනි ගැනීමකින් එහි සේවය කරන ලද තරුණිය මිය යාමත් සමග තරුණියගේ මවට බවට බලපෑම් කළා යැයි කියනු ලබන උසස් පොලිසිය පරීක්ෂකවරයෙකු බව නිලධාරියා පොලිස් මූලස්ථානය මූලස්ථානයේ විශේෂ අංශයක ස්ථානාධිපතිවරයෙක් ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු බව අනාවරණය වේ.
එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා 2015 වර්ෂයේ සිටහිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ අයෙකි.
කල්මුණේ පදිංචිකරුවකු වන එම නිලධාරියාට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් පොලිසිය විසින් ගෙන නැති බව පොලිස් මුලස්ථාන තොරතුරු අනාවරණය කළේය.
රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මියගිය තරුණිය රැඳී සිටි කාමරයේ බිත්තියක සටහන් කර ඇති දෙමළෙන් කළ සටහනක් ගැන එම තරුණියගේ මරණය ගැන පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමේ විශේෂ අවධානයක් යොමුව තිබේ.
ඒ අනුව එම අකුරු සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා රජය රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ අත් අකුරු විශේෂඥවරයාද එහි පැමිණ විශේෂ විමර්ශනයක් අද කරන ලදී.