කීර්ති ප්‍රනාන්දු –
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ලබන 18 තෙක් බන්ධනාගාරගත කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (10) සවස නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ හිටපු අමාත්‍යවරයාව අද (10) අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.
ඉකුත් අප්‍රේල් 24 දා බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙනි.