බදියුදීන් නිවසේ ගිනි තබාගෙන මිය ගිය මෙහෙකාර දැරියට දුන් වද හෙළි වේ….

බදුර්දීන් නිවසේ මෙහෙකාර සේවයේ යෙදී දැරියක් මිය යාමේ සිද්ධිය අදාළව පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට බදියුදීන් ගේ බිරිය , මාමණ්ඩිය සහ දරුවා මෙහෙකාරකමට විකිණීමට තැවරැවුකාරකම පුද්ගලයා අද (24) පෙරවරුවේ

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මේ අතර එම නිවසේ මීට පෙර සේවය කළ 22 හැවිරිදි තරුණියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බදුර්දීන් ගේ මස්සිනා ද අද (24) අධිකරණයට ඉදිරිපත් කරන බව හෙතෙම කීය.

මෙම දැරියට මාස 8කින් සිය නිවසට යෑමට ඉඩ ලබාදී නොතිබුණු අතර ඇයට පසුගිය මාසයකට වැඩි කාලයක් තිස්සේ සිය මව්පියන්ට දුරකථන ඇමතුමක් පවා ලබාදීමට ඉඩ දී නොතිබුණු බව හෙළිවී ඇත.

මෙම දැරිය හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවස පිටුපස වෙනම පිහිටි කුඩා කාමරයක නතර කර තබා ඇති අතර එම කාමරයේ විදුලි එළියක් පවා තිබී නැති බව අනාවරණය වී තිබේ. ගිනි ගැනීම සිදු වූ දිනයේ  සි.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කළ පොලිස් විමර්ශන අංශ මේ වනවිට වාර්තා කර ඇත්තේ දැරිය  කාමරයට යන අයුරුත්  ගිනිගත් සිරුරින් යුතුව යළි කාමරයෙන් පිටවී එන අයුරුත් නිරීක්ෂණය වී ඇති බවය. 

කෙසේ වෙතත් එම කාමරයට වෙනත් පුද්ගලයෙක් ඇතුළු වූ බවක් එහි දකින්නට නැති බවත් පොලීසිය කියයි. එම කරුණ එම අවස්ථාවේ   බදුර්දීන්ගේ නිවසට යාබදව ඇති නිවසක රැඳී සිටින ඇමති ආරක්ෂක අංශ නිලධාරීන්ටද පවසා ඇතැයි හෙළි වී ඇත.  ඒ අනුව එම නිලධාරීන් ද එම ස්ථානයට පැමිණෙන අයුරු කැමරාවල සටහන් ව තිබී ඇත.


ගිනි ගැනීම සිදුවී විනාඩි 5ක් වැනි කාලයක් තුළ තුළ 1990 ගිලන්රථ සේවය ද එම ස්ථානයට පැමිණෙන අයුරු ආරක්ෂක කැමරාවල සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.

මෙම දැරිය මෙහෙකාර සේවයට රැගෙන ආ බ්‍රෝකර්වරයාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන අතර වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යති.

Exit mobile version