බෞද්ධාලෝක මාවතේ බදියුදීන් නිවසේ දී පිලිස්සී මියගිය දැරියගේ සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
සිද්ධිය වාර්තා වූ මුල් අවස්ථාවේදීම විමර්ශන ආරම්භ කළ බවත් පිළිස්සුනු දැරියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ගිය අවස්ථා කීපයක දීම ඇයගේ ඉතා අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳව නිලධාරීන් ලිඛිතව වාර්තා කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
පොලිස් මූලස්ථානය විසින් නිකුත්කළ නිවේදනය මෙසේය.