සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති මැර ප්‍රහාරයකට ලක්ව ගාල්ල ජාතික රෝහලේ…

by editor
ඔක්තෝබර් 26, 2025
in පුවත්
saman.c.liyanage
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

  • පහර දි ඇත්තේ බද්දේගම ප්‍රාදේශීය සභාවට තරග කර පැරදුන සජබ අපේක්ෂකයෙක්… පන්නාගෙන ගොස් පහර දී හිර ගෙවල් හතක ගියත් මරා දමනට බවට මරණ තර්ජනත් කරලා….

බද්දේගම ප්‍රාදේශිය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ  මැර ප්‍රහාරයකට ලක්ව ගාල්ල ජාතික රෝහලට ඇතුළත්කොට ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි සමගිජන බලවේගයෙන් බද්දේගම ප්‍රාදේශිය සභාවට  තරගකොට පරාජයට පත්වු අපේක්ෂකයකු විසින්  මෙම පහරදිම සිදුකොට තිබේ.

.ඉකුත් 24 වැනිදින රාත්‍රියේ ගාල්ල කරාපිටිය ප්‍රාදේශයේ  මල් ශාලාවක් තුළදි උප සභාපතිවරයා පහරකෑමට ලක්ව ඇත. මියගිය  තම හිතවතකුගේ දේහයට අවසන් ගෞරව   දැක්විම සදහා උප සභාපතිවරයා තම බිරිය සමග මෙම මල්ශාලාවට ගොස් තිබේ. එහිදි  සැකකාර පුද්ගලයා  උප සභාපතිවරයාගේ ඇඟේ හැපි ඇති අතර පසුව ඔහුට පහරදි ඇත. 

ඉන්පසු උපසභාපතිවරයා යතුරුපැදියෙන් තම බිරිය සමග නිවස බලා යමින් සිටියදි සැකකරු මොවුන් පසුපස ලුහුබැඳගෙන විත්  ගාල්ල  ගොඩකන්ද ප්‍රදේශයේ දි මාර්ගය හරස්කොට  නැවත  වතාවක් පහරදි තිබේ.

 මෙම මැර ප්‍රහාරය පිළිබද උප සභාපතිවරයා විසින් පෝද්දල පොලිසියට පැමිණිලි කොට ඇත.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

තමන්ට එල්ල වූ  මැර ප්‍රහාරය පිළිබද අදහස් දක්වමින් උප සභාපතිවරයා මෙසේ කිවේය.

“අපේ ගම් ප්‍රදේශයේ මියගිය අයකුගේ දේහය කරාපිටිය ප්‍රදේශයේ මල් ශාලාවක තැන්පත්කොට තිබුණා. ඔහුට අවසන් ගෞරව දැක්විම සඳහා මම  24 වැනිදින රාත්‍රි එම මල්ශාලාවට ගියා. “   

“මම තරගකළ පහළ කිඹිය  කොට්ඨාසයෙන්  පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි  සමගි ජන බලවේගයෙන් තරග කළ අපේක්ෂකයා මගේ ඇඟේ හැපිලා මගේ මුහුණට සහ පපුවට පහරදුන්නා. පසුව දෙවැනි වතාවටද මොහු ගොඩකන්ද මාර්ගයේ දී මට පහරදුන්නා.”

“ඒ විතරක් නෙවෙයි හිරගෙවල් හතක ගියත්  මාව මරාදමන බවට  මෙම පුද්ගලයා මට මරණිය තර්ජන එල්ල කළා. මේ පිළිබද පෝද්දල පොලිසියට පැමිණිලි කළා. 

අද  (26) පෙරවරුව වනතෙක්  මොහු අත්අඩංගුවට ගැනිමට පොලිසියට නොහැකි වි ඇති බවද උප සභාපතිවරයා සදහන් කළේය.

 සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව  පොද්දල පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා ඔහුගේ නිවසට  ගිය බවත් ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බැව් පොද්දල පොලිසිය කියයි. පොද්දල පොලිසිය විසින් මේ පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.

සමන් සී ලියනගේ මහතා   පුවත්පතේ කෘතෘ මණ්ඩල සමාජිකයෙකු ලෙස කාලයක් කටයුතු කළ අතර  ලංකා සමසමාජ පක්ෂයේ නිල පුවත්පතේ සංස්කාරකවරයා ද වේ. 

ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි තරුව ලකුණින් තරගකොට බද්දේගම ප්‍රාදේශිය සභාවට තේරිපත්වු අතර ප්‍රාදේශිය සභාව පිහිටුවිමේ දි සමන් සී ලියනගේ  ජාතික ජනබලවේගයට සහයෝගය දක්වනු ලැබිය.

  

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුස්ලිම් සංස්කෘතික අංග සලකා හෙද නිල ඇඳුමේ කෙරෙන සංශෝධනවලට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ හෙද සංගමය එරෙහි වෙයි!

Next Post

ලොව ඉහළම විද්‍යාඥයින් අතරට ජාතික මූලික අධ්‍යයන ආයතනයේ  පර්යේෂකයෝ හතර දෙනෙක්!

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.